මේ පසුබිම තුල මිගමුව රෝහල යනු අතිවිශේෂ වගකිම් පැවරෙන ප්‍රධානතම ආයතනය වෙයි. එහෙත් අවාසනාව වන්නේ රෝහල දශක ගණනාවක් පුරාවට මුහුණ දෙමින් සිටින ගැටළු දිනෙන් දින අර්බුද කරා ගමන් කරනවා මිස විසදෙන ලකුණු පේන තෙක් මානයකවත් නැතිවිමය
මෙයට එක් ප්‍රධාන හේතුවක් වි තිබුනේ මිගමුව රෝහලට කාලයක් එක දිගට සේවය කළ හැකි අධ්‍යක්ෂකවරයෙක් හෝ අධ්‍යක්ෂකවරියක් සෞඛ්‍ය බලධාරින් විසින් එවිමට කටයුතු නොකිරිමය. පැමිණි බොහෝ දෙනා වැඩබලන මෙන්ම ඔවුන්ගේ උසස් විභාගවලට අවැසි පසුබිම සැකසෙන තෙක් තාවකාලිකව රැදි සිටින තැන බවට මෙසේ පත්ව ආ සැම විසින් කරන්නට යෙදුන පොදු කරුණ වි තිබුණි.
දැන් කොරෝනා අර්බුදයේ කේන්ද්‍රය මිනුවන්ගොඩ මෙන්ම කටුනායකත් ඒ අවට නගරත් වි ඇති පසුබිමක මිගමුව රෝහලට පැවරි ඇති වගකිම සුළුපටු නොවේ.
දැනට දින කිපයකට පෙර වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පැමිණ තිබුණ අතර අද වාර්ථා වුයේ අධ්‍යක්ෂකවරියක්ද පැමිණිමට නියමිතව ඇති බවය
ඇයද ටික කාලයකට පමණක් බවද සැලය.
අප මේ පිළිබදව මීට දින කිපයකට ඉහත හෙළිදරව් කර සිටියේ දැනට ක්‍රියාත්මක වෙමින් ඇති විධිමත්භාවය යළිත් අවුල් කිරිම සදහා ඇතැමුන් විසින් කුමන්ත්‍රණයක් දියත් කරමින් ඇති බවය
කෙසේ වෙතත් මිගමුව රෝහලේ කටයුතු සැලකිය යුතු ලෙසින් විධිමත් කිරිමට මිගමු රෝහලේම කාලයක් සේවය කල දැන් නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරය දරන වෛද්‍ය ඇන්ටනි ප්‍රනාන්දු සැලසුම් කරගෙන යමින් සිටියදි තවත් අය පැමිණ තිබේ.
මීගමුවට දැන් අවැසිව ඇත්තේ මිගමුව ගැන දන්නා සාමුහිකව වැඩකටයුතු කළ හැකි අවැසි නායකත්වය සහිත ස්ථිර අධ්යක්ෂකධුරයක අවශ්‍යතාවයයි .
සෞඛ්‍ය බලධාරින් මෙය තේරුම් ගන්නේ කවදාදැයි අප අසා සිටින්නෙමු