කොරෝනා අවදානම ගැන ඉතාලියේ ශ්‍රිලංකා බලධාරින් නිහඬ ඇයි?

0
215

Screenshot_20200224_155433ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හෝ මිලානෝ කොන්සියලර් කර්යාලය හෝ කොරෝනා අවදානම ගැන මේ වන තෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.

කොරෝනා වෛරස් තත්වය දරුණු අතට පත්වී දින ගනනක් ගතවී තිබුනත් ශ්‍රී ලාංකිය ජනතාව වෙනුවෙන් කිසිදු දැනුවත් කිරිමක්. නව තත්වය ගැන දැනුවත් කිරිමක් මේ වන තෙක් සිදු කර නැත.

මේ වන විට මෙම කොරෝනා වෛරසය වැලදීමෙන් ඊයේ රාත්‍රී වන විට ජීවිත 03ක් බිලි ගෙම තිබු බවත් 22ක් දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සමස්ත රෝගින් ගනන 125ක් ලෙස වාර්තා විය. දැනට ලැබෙන නවතම වාර්තා අනුව අද උදෑසන තවත් එක මරණයක් වාර්තා වී තිබේ. ඒ බේර්ගමෝ නගරයෙනී.ඒ අනුව කොරොනා වෛරසය වැලදීමෙන් මේ වන විට ජිවිත 04 අහිමී වී තිබේ.සමස්ත ආසාදිතයන් ගනන 150 දැනට ගනනය කර ඇත.

මෙවැනි අවදානම් තත්වයක් තිබියදී ශ්‍රී ලංකා තනාපති කාර්යාල විසින් කිසිදු දැනුවත් කිරිමක් කර නැත.අප විසින් සොයා ගන්නා ලද තොරතුරු වලින් අප හැකි අයුරින් අපගේ සහෝදර ජනතාව දැනුවත් කලත් එම දැනුවත් කිරිම රජය වෙනුවෙන් නිල වශයෙන් පැවරි ඇත්තේ තනාපති කාර්යාල වලටය.නිල වාර්තාව වන්නේ එයයි.

දිනෙන් දින දරුණු වන මෙම තත්වය තව දුරටත් ව්‍යාප්ත වන්නේ නම් තනාපති කාර්යාලය විසින් ගන්නා ඉදිරි සැලසුම් ගැන අදහසක් ඔවුන් සතුව නැති බව පෙනෙන්නට තිබෙන්නේ අඩුම වශයෙන් නිවේදනයක් වත් නිකුත් නොකිරිම තුලිනී.

(රජයේ අවධානය පිණිස ඉතාලියේ සිටින ජනතාව වෙනුවෙන්)

(ලක්දේස් විජේසිංහගේ මුහුණු පොතෙන් උපුටා ගැණිනි.)