කොරෝනා අස්සෙත් පැදෙන මාළු බැසිල්ගේ බයිසිකලේ ……

0
135

basil 3  ( 2.00 pm ) කටුනායක ප්‍රදේශයේ පදිංචි බැසිල් අයියා අප බොහෝ දෙනෙකු දන්නා කාලයේ පටන් මීගමුව ලේලලමට පැමිණ එහිදි
මාළු මිලට ගෙන පාපැදියෙන් ගොස් කටුනායක මාළු වෙළද පොලෙදි මාළු විකුණන අයෙකි.
කොටුව පිට්ටනියේ ලේලමේදි මෙන්ම පිටිපන ලෙල්ලමේද ඔහුව නොදන්නා මාළු වෙළෙන්දෙකු නැති තරම්ය.
ඒ තරමට ඔහුව බොහෝ දෙනා හදුන්නේ නොකඩවාම වසර 50 කටත් වැඩි කාලයක්  කාලයක් තිස්සේ සිය පාපැදියෙන් මාළු විකුණන අයෙකු ලෙසින් ඔහු ප්‍රකටව ඇති නිසාය.
දිගට වැවුන කොණ්ඩයත් ඔහුගේ උස නිසාම තරමක් කුදුව බයිසිකලය පැදිමත් ඔහු පිළිබදව මතකය සැම තුල තබලාන්නට කදිම මතක සලකුණු වි තිබේ.
කොරෝනා අර්බුදයත් සමගින් ඇතැම් මාළු වෙළදුන්ගේ බයිසිකල් පැදිල්ලත් මාළු විකිණිල්ලත් නැවතුණද බැසිල් තවමත් කොරෝනා අස්සේත් සිය බයිකලය පැදයයි.මාළු විකුණයි.
සැබැවින්ම වෙනමම පොතක් ලියන්නට තරම් ජිවිත කථාවක් ඇති බැසිල්ගේ මේ ධෛර්ය බොහෝ දෙනෙකුට ජිවිත පණිවිඩ රැසක් බෙදාදෙන එකක් බවට නම් සැක නැත.basil 2basil 6basil