මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හතරාමාරක දරුවකු කොරෝනා ආසාදිත විම හේතුවෙන් අංගොඩ අයිඩිඑච් රෝහල වෙත මාරු කර යවා තිබුණි.
දින 7 ක් එහි නේවාසිකව ප්‍රතිකාර ගැනිමෙන් අනතුරුව සම්පුර්ණ සුවය ලබා ඊයේ දිනයේ අක්කර 50 කඳසුරිදුගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.
අප කළ විමසිමකට පිළිතුරු දුන් මේ දරුවාගේ ලොකු අම්මා කියා සිටියේ පවුලේ කිසිවෙකුත් කොරෝනා ආසාදිතයැයි පරික්ෂණවලදි ඔප්පු වි නැති බවය.දරුවාට වෛරසය වැළදුන පසු ඒ අවට පාරවල් වසා ඇති අයුරුද සමගින් සියල්ල මාධ්‍ය මගින් පෙන්වා තිබුණද දරුවාගේ පවුලේ කිසිවෙකුටත් වෛරසය අසාදනය වි නැති බව කියන්නට දැන් කිසිදු මාධ්‍යයක් නැති බවද අප හා අවධාරණය කර සිටියාය.
කෙසේ වෙතත් මේ පවුලට සම්බන්ධ ඇතැම් ඥාාතින්ට පවා තවමත් කඩවලින් බඩු වත් නොදෙන තත්වයක් උදාවි ඇතැයිද ඇය කීවාය.