කොරෝනා ගැන බය හිතෙන ගම්පහ පොළේ කථාව ..

0
204

පසුගිය දින කිපය පුරාවට ගම්පහ දිස්ත්‍රික්කය සහ කොළඹ දිගින් දිගමට වැඩිම කොරෝනා රෝගින් වාර්තා වු දිස්ත්‍රික්ක බවට හදුනාගෙන තිබුණි.
ඒ අතර අහඹු ලෙසින් සිදුකරන්නට යෙදුන පරික්ෂණ බොහොමයකදි නොසිතු ලෙසින් රෝගින් හමුවෙන්නටද පටන් ගෙන තිබුණි.
මේ අතර ගම්පහ ඇති අවධානම ගැන කියන තවත් කථාවක් ගම්පහ පොදු වෙළඳ පොලෙන් වාර්තා වි තිබුණි.
එනම් එහි වෙළඳුන් 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කර තිබිමත් සමගින්ය
මෙම අයහපත් තත්ත්වය මත පොදු වෙළඳ පොල වසා දැමීම සුදුසු බවට තමන් ගම්පහ නගරාධිපතිවරයා දැනුවත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසු බව ලංකාදිප පුවත් වෙබ් අඩවියද වාර්තා කොට තිබුණි.
පසුගියදා මිගමුවේ සමුපකාර මාළු ලෙල්ලමේ සේවකයන් අතුරින් 10 දෙනෙකුට සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් කොරෝනා ආසාදනය වු රෝගින් 05 දෙනෙකු වාර්තා වි තිබුණි.
එහෙත් ලෙල්ලම් පරිශ්‍රය තාවකාලිකව හෝ වසා දැමිමට අදාල බලධාරින් පියවර ගෙන තිබුනේ නැත