කොරෝනා දෙවන රැල්ල ඇරඹි සති 3කට පසු මිගමුවේ විශේෂ රැස්විමක් !

0
90

NGB meeting 1මිනුවන්ගොඩින් ඇරඹි කොරෝනා දෙවන රැල්ල මේ වන විට බස්නාහිර පළාතේ රතු කලාප 28 ක් නම් කිරිමට තරම් බරපතල තත්වයක් නිර්මාණය කර තිබේ.
ඊයේ දිනයේදි ප්‍රකාශයට පත්කෙරෙන මේ රතු කලාප 28 තුල මිගමුව ,කටාන ,සීදුව ගම්පහ දිස්ත්‍රික්කය තුල අයත්වේ.(ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප රාගම,මිනුවන්ගොඩ ,වත්තල,දිවුලපිටිය, ජාඇල, ඒකල,කටාන සීදුව,ගම්පහ,අත්තනගල්ල,වේයන්ගොඩ,කැළණිය,මහර,දොම්පේ,පූගොඩ,මීරිගම,බියගම,මීගමුව,කටුනායක)
විශේෂයනේම වෙළද කලාපවල මෙන්ම පෑලියගොඩ මාළු වෙළද පළද හේතුකොට ගෙන මිගමුවට ඇති අවධානම දැනටමත් ඉහල මට්ටමක පවති.
මිගමු මහජන සෞඛ්‍ය පරික්ෂක කලාපයෙන් වාර්ථා වන කොරෝනා ආසාදිත රෝගින් ගණන ඊයේ වන විට 40 ද ඉක්මවා තිබුන අතර පෑලියගොඩ පොකුර හා සම්බන්ධ 6 දෙනෙකුද ඒ අතරය.
කිසිවෙකුත් කිසිවිටකත් නොසිතු පරිදි මිගමුව මේ වන විට අවදානම් සහිත රතු කලාපයකි.
ඔක්තෝබර් 04 වෙනිදායින් ඇරඹි දෙවන රැල්ල පැතිර යමින් මිගමුව රතු කලාපයක් ලෙසින් නම් කෙරුන ඊයේ දිනයේ මිගමුව මහනගර සභාවේදි විශේෂ රැස්විමක් පවත්වා තිබුණි.
ඒ මිගමු දේශපාලන අධිකාරිය සහ විවිධ ආයතනයන්ට අයත් පරිපාලන අධිකාරියේ නියෝජිතයන්ගේද සහභාගිත්වයෙනි.
මීගමුව තුල පැතිර යන  කොරෝනා අවදානම පාලනය කිරිම සඳහා තීන්දු රැසක් එහිදි ගනු ලැබු බවද වාර්ථාවේ.
ඔසුසැල් විවෘත තැබිමට ඇති හැකියාව,ග්‍රාම නිළධාරි වසම් වල ඇති කුඩා සිල්ලර වෙළදාෙම් යෙදෙන කඩ කිපයක් හෝ විවෘතව තැබිමේ ඉඩකඩ ගැනද මෙහිදි අවධානය යොමු කර තිබුන බව වාර්ථා විය.
මේ අතර මිගමුවේ සියල්ලර මාළු වෙළදාම තහනම් කොට තොග අලෙවියට පමණක් අවසර දිමටද අවාධානය යොමුව තිබේ. එමෙන්ම දැනටමත් ඇරඹි ඇති පාරවල් අද්දර එළවළු අලෙවිය තහනම් කිරිමටද මෙම හමුවේදි තීන්දුවක් ගෙන තිබුන බව වාර්ථා විය.
රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්විමට මිගමුව පොදු ජන පෙරමුණට සම්බන්ධ මිගමුවේ දේශපාලන රැසකට ඇරයුම් ලැබි නොතිබුන බවද වාර්ථාවේ.
මීගමුව හිටපු  පුරපති ඇන්ටනි ජයවීරද ඒ අතරය.මිගමුවේ ජේෂ්ඨතම දේශපාලකයෙකු වන හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නද මෙම රැස්විමට සහභාගිව සිට නැත. එමෙන්ම එදා මිගමුව නගර සභාව බලය නගරාධිපති දයාන් ලංසා හට ලබාගැනිමට සහය ඉල්ලා දෙපතුල ලගටම නිමල් ලංසා විසින් ගොස් උදව් ඉල්ලා තිබුණ හිටපු පළාත් සභා මන්ත්‍රි සහ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු   මන්ත්‍රි එම්. සකාවුල්ලා මෙම රැස්විම තුල දකින්නට නොලැබුණි.මීගමුව අද මුහුණ දෙමින් සිටින්නේ පවුලක නායකත්වයකින් පමණක් ජයගත නොහැකි දැවැන්ත අර්බුදයක් හමුවේ බව මෙහිදි සටහන් කළ යුතුවම තිබේ