කොරෝනා නිසා ගෙවුණ 24 පැය තුල ඉතාලියේ මරණ 97 ක් ! මියගිය මුළු ගණන 463 ක් දක්වා ඉහලට !

0
172

085438136-4b2db6ab-a7cc-49db-a23f-91c503e34525කොරෝනා වෛරසයේ දැවැන්ත පිඩාව මේ වන විට සෘජුවම එල්ල වෙමින් ඇති රට බවට ඉතාලිය පත්ව තිබේ.
ඒ පැති ගණනාවකිනි.
වෛරසය ඇරඹි චිනයේ ගෙවුණ පැය 24 තුල 23 කු මිය යන විට ඉතාලියේදි ඒ ගණන 97 ක් දක්වා ඉහල අගයකට ගොස් තිබේ.
එපමණක් නොව චිනයේ ගෙවුණ පැය 24 තුල නව අසාදිතයන් 44 දෙනෙකු ලෙසින් වාර්තා වන අතරේ ඉතාලියේදි නව අසාදිතයන් 1797 ක් ලෙසන් එය සටහන් වෙමින් තිබේ.එය 40 ගුණයක වැඩිවිමකි.
මේ අතර ඉතාලියේ මේ වන විට මුලු ආසාදිතයන් ගණන 7985 කි.
ඉහත සංඛ්‍යා දත්ත විසින් පෙන්වා දෙනු ලබන බරපතල තත්වය ඉතාලිය තුල මේ වන විට වර්ධනය වෙමින් ඇත්තේ ශ්‍රිලාංකිකයන් බහුතරයක් දෙනා ජිවත් වන උතුරු ඉතාලිය කේන්ද්‍රකොට ගෙනය.
දැන් එය පැහැදිලිව රතු කලාපයකි. මිලියන 16 ක් කොටු කර තැබු රතු කලාපයකි.
තවත් විදියකින් කියන්නේ නම් 80000 කට පමණ ආසන්න ශ්‍රිලාංකිකයන් පිරිසක් යාම් ඊම් සිමාකරනු ලැබන රදවා ඇති කලාපයකි.
තතු එසේ වුවද මේ අති බහුතරයක් ශ්‍රිලාංකිකයන්ට කිසියම් අති විශේෂිත කරුණක් හේතුකොට ගෙන හෝ සිය මව්රටට යෑමට ඇති ඉඩකඩද දැන් දරුණු ලෙසින්ම සිමාවට ලක්වෙමින් තිබේ.
මේ වන විට ඉතාලිය සහ ශ්‍රිලංකාව අතර ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ ගුවන් සේවාවන් ඇත්තේ එකකි. එනම් එමිරේට්ස්ය.
අනිකුත් සියලු ප්‍රධාන පෙලේ ගුවන් සේවා සියල්ලක්ම සිය ගමන් ශ්‍රිලාංකාව හා ඉතාලිය අතර නවත දමා තිබේ.
ශ්‍රිලංකා රජය නිරෝදායන ආයතනය ස්ථාපිත කරද්දි ඒ රටවල් සිට මෙරටට පැමිණිමට ඇති ගුවන් සේවා බරපතල ලෙසින් සිමාකරනු ලැබිම නිසා ඉදිරියේදි මේකි නිරෝදායන මධ්‍යස්ථානවලට එතැයි සිතිය හැකි ගණන සැබැවින්ම බරපතල ලෙසින් අඩුවනු නොඅනුමානය.