කොරෝනා නිසා රැකියාව කරගැනිමට නොහැකිවු ධිවරයන්ට ”අම්ෆන්” කරපු වැඩේ ???

0
107

තෙප්පම් meril-පවතින අයහපත් කාලගුණික තත්වය යටතේ ධිවරයන් මුහුදු යෑමෙන් වැලකි සිටියහ. අම්ෆන් සුළි කුණාටුව ලංකාවෙන් පිටව ගියද කාලගුණික තත්වයේ ලොකු වෙනසක් නැති තරම්ය.
අද පෙරවරුවේ මුහුදේ කැලිඹිලි ස්වාභාවය තරමක් අඩුව පැවැතුනද  අද දිනයේදි මුහුදු යෑමෙන් වැලකි සිටි බව අප කළ විමසුමකදි වැල්ලවිදිය තෙප්පම් ධිවරයෙකු කියා සිටියේය.වැඩිදුරටත් ඔහු කියා සිටියේ දැනට සතියක කාලයක් පුරාවට ඔවුන් මුහුදු නොගිය බවත් ඒ නිසාම ජිවත්විමද දැන් බරපතල වි ඇති බවත්ය.
මසකට රු 5000 ක් ලෙසින් ලැබෙන රුපියල් 5000 ට අමතරව ධිවර අමාත්‍යංශයෙන් හෝ කිසිදු සහනාධාරයක් පසුගිය කාලය පුරාවට ලැබුනේ නැති බවද පවසා සිටියේය.
මාලු ඇල්ලිමට ඉඩක් තිබුන වලාල කාලය එහෙම පිටින්ම කොරෝනා ප්‍රශ්ණය නිසා මේ ධිවරයන්ට අහිමිව ගොසිනි.දැන් එළඹෙන්නේ වාරකයන් සමයයි. විශේෂයෙන්ම සුලු පන්න ධිවරයන්ට මුහුදු යෑම අපහසු වෙනු ඇත.ඒ අනුව ඉදිරි මාස කිපය පුරාවටද මේ සුලුපන්න ධිවරයන්ට ජිවිත්විමට අදායම් නොලැබි යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here