කොරෝනා නොතකන ජීවන අරගලය…

0
98

කොච්චිකඩේ, පෝරුතොට මාළු වෙළඳපල තුළ සුපුරුදු ලෙස කටයුතු සිදුවන ආකාරය දුටු විට රජය පනවන සෞඛ්‍ය ප්‍රතිපත්ති ගැන කිවයුත්තේ කුමක්දැයි නොහැඟේ. පෙනුමට ඇත්තේ මුඛ ආවරණය පමණි.

එයද ඇත්තේ වැඩිදෙනෙකුගේ නාසයට පහළින්ය. එය පොලීසියෙන් මුවාවීමට ඇති ආවරණයක් පමණි. ඔවුන්ට සියල්ල අමතක වී ඇත. තමන්ගේ සුපුරුදු කටයුතු කරගෙන යන මාළු වෙළෙන්දෝ තම ලාභය ගැන පමණක් අවධානය දෙන අතර මිලදී ගන්නා අය අඩුවෙන් මාළු මිලදී ගැනීම කෙරෙහි පමණක් අවධානය දී කටයුතු කරති.

ඒ හැර වෙනත් කිසිවක් ගැන ඔවුන්ට මතක නැත. මෙම ස්ථානවල අවශ්‍ය අතසෝදන කතාවක් නැත. උණ බලන්නට කව්රුත් නැත.

සියළු දෑ පසෙකලා වෙළෙන්ඳෙකුගෙන් මාළු අලෙවිය ගැන අද දිනයේ තත්වය මා විමසූ අතර ඔහු ප්‍රකාශ කළේ අද මිල අඩුත් නැති, වැඩිත් නැති බවය. මේ අනුව අද මිල මෙසේ විය.
මීවැටි – රු. 450/
” (ලොකු)- රු. 650/
පරව් -රු. 350/
” ( ලොකු)රු. 500/
හාල් මැස්ස -රු.150/
දැල්ල – රු. 750/
රන්න රු. 300/
කුම්බලාව -රු. 350/
අංජිලාව – රු. 500/
මඩුව ( පොඩි) -රු. 200/

බලය සහ කෙලවල්ලන් පිටින් එන වෙළඳුන් විසින් පමණක් අලෙවි කරන බවත් , පෝරුතොට ධීවරයින් එකී මාළු රස්සාව මේදිනවල නොකරන බවත් එම ධීවරයින් පවසයි.
සැම්සන් ඥනසිරි