කොරෝනා පැතිරුනද පාසැල් වැසිමට තවමත් තිරණයක් නෑ-ඇමති සුදර්ශණි කියයි!

0
130

අලුත් අවුරුද්දෙන් පසු රට තුළ කොරෝනා ආසාදිතයන් ගණන ඉහල යමින් තිබුනද පාසල් වැසීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොරෝනා රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ පවසා ඇතැයි ඩේලි මිරර් වාර්තා කොට තිබේ

ඇය ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ දැනට හුදෙකලා ප්‍රදේශවල පාසල් වසා දැමිය හැකි නමුත් සියලු කරුණු සාකච්ඡා කිරීම සඳහා අද COVID-19 කාර්ය සාධක බලකා රැස්වීමක් පවත්වන බවයි.

මේ අතර, නැවත පාසල් වසා දැමීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයද පවසා තිබේ.ඔවුන් කියා ඇත්තේ හැකි පමණින් පාසල්වල ක්‍රියාකාරිත්වය දිගටම කරගෙන යාමට අමාත්‍යාංශය උත්සාහ කරන බවයි.