කොරෝනා මර්දනයට අප සකස් කළ කෙටුම්පතට ආණ්ඩුවේ ප්‍රතිචාරයක් නෑ

0
108
ranil-800px-26-10-19

කොරෝනා වසංගතය මර්දනයට ශක්තිමත් නීති පද්ධතියක අවශ්‍යතාවක් පවතින හෙයින් තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව නීති කෙටුම්පතක් සකස් කළ බවද, එය සාකච්ඡා කිරීමට ආණ්ඩුවට දීමට කැමැත්ත පළ කළ ද ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව ද හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.පොදු සෞඛ්‍ය හදිසි අවශ්‍යතා නීති කෙටුම්පත ලෙස නම් කරනු ලැබූ එම පනත තමන් සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රමුඛ නීති විශාරදයන් එක්ව සකස් කළ බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඔහු මේ බව සදහල් කර තිබුනේ මෙවර මහ මැතිවරණ ජයග්‍රහණය සඳහා බියගම පැවති ජන රැලියකට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් එහිදි ඔහු මෙසේද අවධාරණය කර තිබුණි.

ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා කඩිනමින් නීති සම්පාදනය කළ බව කී රනිල් වික්‍රමසිංහ මහතා එවැනි නීති පද්ධතියක් තිබේ නම් වසංගතයක් පවතින තත්ත්වයක් යටතේ වුවද ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල නොකොට පවත්වා ගෙන යෑමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් දිනාගත් පසු පළමුවෙන්ම කරන්නේ පොදු සෞඛ්‍ය හදිසි අවශ්‍යතා නීති කෙටුම්පත සම්මත කර ගැනීම බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.