කොරෝනා මැද අද(06) මිගමු මහනගර සභාව රැස්වෙයි! මන්ත්‍රි පවුලක අයෙකුටත් කොරෝනා …

0
154

මීගමුවේ කොරෝනා අවදානම ක්‍රමයෙන් දැන් ඉහල යමින් තිබේ.පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩල සමාජිකයන් 28 දෙනෙකුම එහි ගොදුරුක් බවට මේ වන විටත් පත්ව තිබිම කිසිසේත්ම සැහැල්ලුවට ගත යුතු කරණක් නොවේ.

මෙවර පෙනි යන එක් කරුණක් වි ඇත්තේ මිගමුවේ ව්‍යාපාරික ආයතන තුල ඉහල අගයකින් යුත් කොරෝනා ආසාදිතයන් හමුවිමේ අවධානම් මතුව ඇති බවය.

මේ අතර මිගමුව මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිවරයෙකුගේ පවුලේ අයෙකුටද කොරෝනා ආසාදනය වි තිබේ. තතු එසේව තිබියදි මිගමුව මහනගර සභාවේ රැස්විම අදට( 06) යොදාගෙන තිබේ.

රජය විසින් සියලු රැස්විම් , සෙනග එකතුවිම් නවතා දමා තිබියදි අද මේ රැස්විම පැවැත්වේ.
මන්ත්‍රිවරුන් 48 දෙනෙකු ඇතුළු සැලකිය යුතු තවත් කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් පිරිසක් මේ වෙනුවෙන් අද රැස්විමට නියමිතය.
මේ පිළිබදව අප කළ විමසුමකදි එක් නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවිය යුතු මුදල් අනුමත කරගන්නේ නම් පමණක් දේශපාලන අධිකාරියේ බලවතුන්ගේ කොමිස් මුදල ලැබෙන බවය.