කොරෝනා මෘතදේහ භූමදානයට විශේෂඥ කමිටුවේ නිර්දේශයක්

0
132

 කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන ලද එක කමිටුවක් විසින් නිර්දේශ කර තිබේ.   මෙසේ නිර්දේශ ලබා දී ඇත්තේ රජය විසින් පත්කරන ලද දෙවන කමිටුව විසිනි.  

අදාළ වාර්තාව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට භාර දුන්න ද ඇමතිවරිය එය බාර නොගෙන කමිටු දෙක එකට මුණගස්වා අවසන් තීරණයක් ගන්නා ලෙස දැනුම් දී තිබිණි.   ඒ අනුව ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මෙම කමිටු දෙකේ සාමාජික පිරිස මුණගැසී සාකච්ඡා කර තිබේ.   කෙසේ නමුත් කොරෝනා මෘත දේහ ආදාහන පමණක් සිදු කරන්නැයි නිර්දේශ දුන් පෙර කමිටුව තව දුරටත් එම ස්ථාවරයේ සිටීම හේතුවෙන් අවසන් එකඟතාවකින් තොරව ඊයේ එම සාකච්ඡා අවසන් වී ඇතැයි දැන ගන්නට තිබේ.   රජයේ ප්‍රකාශකයෙක්ද මෙම තොරතුරු තහවුරු කලේය.  

අදාළ වාර්තා පහතින්

theleader.lk