කොරෝනා රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද නම් මේ අංකයට කියන්න

0
138

tele1-825x412කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බව පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු අයෙක් රෝහලකට ඇතුළත් කිරීම ප්‍රමාද නම් වහාම 1999 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අදාළ දුරකථන අංකය පැය 24 පුරාම භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක බව ඒ මහතා සදහන් කළේය.

මේ වන විට විශාල වශයෙන් රෝගීන් වාර්තා වන නිසා යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කෙසේ වෙතත් රෝගියෙකු ලෙස පුද්ගලයෙක් හඳුනාගත් ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

ආසාදිතයෙකු රෝහලකට රැගෙන යාමට ප්‍රථමනේ පවතින ඉඩකඩ සහිත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කරයි.
(aruna.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here