කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ ගණන 41 ක දක්වා ඉහලට !

0
79
191219705-3014f524-2e34-4515-b428-575f45c00113කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය පත්වෙමින් ඇති අවදානම් තත්වය සලකා එය පාලනය කිරිම සදහා එට බලධාරින් හැකි සෑම පියවරයන්ම මේ වන විට ගනිමින් සිටිති.
මේ වන විට වෛරසය පිමි පණිමින් මිනිස් ජිවිත දිනපතා බිලිගන්නා තත්වයක් කරා ගමන් කරමින් තිබේ. ඒ අනුව මේ වන විට ඉතාලියේ මිය ගණන 41 ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර සමස්ථ ආසාදිතයන් ගණන 1577 කි.එමෙන්ම මේ වන විට 83 දෙනෙකු සුවය ලබා ඇති බවද වාර්ථා වේ.
පැනනැගි ඇති බරපතල තත්වය හමුවේ ක්‍රියාමාර්ග රැසක් ගැනිමට ඉතාලි බලධාරින් මේ වන විට තින්දු කොට තිබේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ඉතාලිය මේ වන විට කලාප 3 නකට බෙදා ඇත.ඒ අනුව වෛරසය දරුණු ලෙසින් පැතිරෙමින් ඇති පළාත රතු කලාපය ලෙසින් නම්කර තිබේ.
තරමක් අවදානම් සහිත තත්වයක් ඇති කලාපය කහ කලාපය ලෙසද නම් කොට තිබේ.
අවම වශයෙන් මාර්තු 8 වනදා දක්වා මේ තිරණය ක්‍රියාත්මක කිරිමට අමාත්‍ය මණ්ඩලය තිරණය කොට ඇතැයි එරට මාධ්‍ය විසින් අද වාර්ථා කොට තිබුණි.

මේ අනුව රතු කලාපයට (ලොම්බාර්ඩි හි බර්ටොනිකෝ, කැසල්පුස්ටර්ලෙන්ගෝ, කැස්ටල්ගෙරුන්ඩෝ, කැස්ටිග්ලියොන් ඩී ඇඩා, කොඩොග්නෝ, ෆොම්බියෝ, මැලියෝ, සැන් ෆියෝරානෝ, සෝමාග්ලියා, ටෙරානෝවා ඩී පැසරිනි; රොමග්නා, ලොම්බාර්ඩි, වෙනෙටෝ, පෙසාරෝ සහ උර්බිනෝ, සැවෝනා යන ප්‍රදේශයන් ඇතුලත්ය.

රතු කලාපය තුල පැතිර යන වෛරස් තත්වය පාලනය කිරිම සදහා පහත පියවරයන් ගෙන තිබේ.
පැමිණ සිටින සියලුම පුද්ගලයින් ඉවතට යාම  තහනම් කිරීම; ප්‍රවේශය තහනම් කිරීම, , පාසල් වසා දැමීම, අධ්‍යාපන චාරිකා අත්හිටුවීම, කෞතුකාගාර සහ වෙනත් සංස්කෘතික ආයතන වසා දැමීම, රජයේ කාර්යාලවල ක්‍රියාකාරකම් අත්හිටුවීම (අත්‍යවශ්‍ය සේවා හැර) , , මහජන උපයෝගීතා බැහැර කිරීමත් සමඟ සියලු වාණිජ කටයුතු වසා දැමීම, ප්‍රවාහන සේවා අත්හිටුවීම, අත්‍යවශ්‍ය සේවා සපයන සමාගම් හැර සමාගම්වල ක්‍රියාකාරකම් අත්හිටුවීම.
මුලාශ්‍රය – www.rebubblica.it