කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මිය ගණන 107 ක් දක්වා ඉහලට ! ආසාදිතයන් 2706 ක් !

0
101
Two healthcare professionals wearing protective suits and healthcare masks walk in front of the advanced medical unit built up outside the emergency room of the Piacenza hospital to deal with the coronavirus emergency and to perform swabs, Piacenza 27 Febbraio 2020. Officials say that the number of people which have died due to the COVID-19 coronavirus in Italy has climbed to 12 while more than 400 persons have contracted the virus. ANSA/MATTEO CORNER

චිනයෙන් ඇරඹි කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉතාලියේදි පමණක් මිය ගණන 107 ක් බවට පත්ව තිබේ. ඒ ඊයේ දිනය තුල පමණක් 38 දෙනෙකු මිය යැමත් සමගින්ය.
ජාත්‍යන්තර තලයේ දත්ත හා සැසැදිමේදි ඉතාලියේ තත්වය වඩාත් බියකරු වෙමින් ඇති බැව් පෙනේ.
ඒ අනුව වෛරසය සිඝ්‍රයෙන් පැතිර යමින් ඇති චීනය තුල අලුතින් සිදුව ඇති මරණ ගණන 38 ක් වෙද්දි ඉතාලියේදි ඊයේ දිනයේ සිදුව අලුතින් සිදුව ඇති මරණ ගණන 28 ක් ලෙස සටහන්ව තිබේ.
එමෙන්ම චීනයේ සිදුව ඇති මුළු මරණ ගණන 2981 එකක් වන අතර එය දකුණු කොරියාවේදි 35 ක් වේ. එහෙත් ඊයේ දිනය වන විට ඉතාලියේ සිදුව ඇති මුළු මරණ ගණන 107 ක් විමත් සමගින් ඉතාලියේ තුල කොරෝනා වෛරසය සිදුකරමින් ඇති හානියේ තරම පෙන්වා දෙමින් තිබේ.
එය පාලනය කිරිම සදහා මේ වන විට ඉතාලි බලධාරින් පිලියම් රැසක් ගනිමින් සිටිති.
ඒ අනුව මුලු ඉතාලියේම පාසැල් සහ විශ්වවිද්‍යාල මාර්තු මැද දක්වා වසා තැබෙනු ඇත.
ඉතාලිය තුල දැනට සිටින කොරෝනා වෛරස් අසාදිතයන් ගණන 2706 ක් වේ.මේ අතර සුව ගණන මේ වන විට 276 කි.
ඉතාලියේ සිටින 2706 ක් වන ආසාදිතයන් ගණනින් 1497 ක් වාර්ථා වන්නේ උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයෙනි.
මුලාශ්‍රය – www.worldometers.info
ansa.it