කොරෝනා සලාක දුන්නාට කමක් නැහැ – ජනතාව පෝළිම් වලට ගෙන්නන්නේ නැතිව

0
139
EUW7UHWX0AA3lpd
ඡායාරූපය උපුටාගැනීම – https://twitter.com/SheikIsak

පසුගිය 28 වනදා කටාන කදසුරිදුගම ප්‍රෙද්ශයේදී ව්‍යාපාරික මහත්මයෙකු විසින් සිය ධන පරිත්‍යාගයෙන්
ඒ ප්‍රෙද්ශයේ අඩුආදායම්ලාභීන්ට  වියලි ආහාර තොගයක් බෙදාදි තිබේ. මේ සදහා කටාන විවිධසේවා සමිතියේ ලොරි රථයක් ද ප්‍රවාහනය සදහා පහසුකම් සපයා ඇත. මෙම ආහාර මලු නිවාස වලට ගොස් බෙදාදීම වෙනුවට මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඒවා ලබාගන්නා ලෙස කරන ලද දැනුම්දීමකින් පසු මෙම නිවස ඉදිරිපස ජනතාව පෝළිම් ගැසි ඇත. රටේ පවතින භයානක වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ මේ ආකාරයට ජනතාව එක්රැස්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මෙය නිරීක්ෂනය කළ අසල්වාසියෙකු පවසා සිටියේ මෙම පාර්සල් නිවාස වෙත ගොස් බෙදාදුන්නා නම් අවස්ථාවට ගැලපෙන ලෙසම මෙය ඉතා වටිනා ක්‍රියාවක් වන්නට තිබුණ බවයි. නමුත් දෙසියකට අධික ජනතාවක් මෙම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට පෝලීම් ගැසී සිටීම අවධානම් තත්ත්වයක් බවත් මෙවැනි ක්‍රියා  අනුමත කළ නොහැකි බවත් ඔහු පවසන ලදී.