කොරෝනා හමුවේ ආණ්ඩුව දෙවනි වරටත් ඇනගනී ! විදෙස්ගත ශ්‍රිලාංකිකයන්ගෙන් දැවැන්ත විරෝධයක් !

0
145

කොරෝනා වෛරසය රටතුලට බලපෑම් එල්ල කරන්නටත් මත්තෙන්ම   රාජපක්ෂවරුන්ගේ රජය අද දෙවන වරටත් ඇනගත්තේ හොම්බ බිමටම පාත්කරගනිමිනි.
ආණ්ඩුවේ පළමු ඇණගැනිම පිස්සන්ට හැතැක්ම නැති ගානට වැඩකළ ඇමතියෙකු නිසාය.
ඔහු හැදල ජනයා කුලප්පු කරවමින් දින 3 ක් නොකඩවා විරෝධතා දැක්වුයේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රිලාංකිකයන් හැදලට ගේන්න එපා යැයි කියමිනි.
මනාප ඩැහැගැනිම වෙනුවෙන් කපටි නරියාට ඇන්ද නිමල්ලංසා මාධ්‍ය හමුවේ මයික් වීරයෙකු වෙමින් හැදලට නිරෝධායන මධ්‍යස්ථනයක් ගේන්නට ඉඩ දෙන්නේ නැතැයි බෙරිහන් දුන්නේය.Screenshot_20200306_151059
මනාප නිසා නටපු ඒ ඇමතිගේ බූරු ස්ථාවරය  හමුවේ රජයේ ස්ථාවරය නිසි ලෙසින් විදේස්ගත ශ්‍රිලාංකිකයන් වෙනුවෙන් දැනුම් දිමට රජයේ කිසිදු ලොක්කෙකු පියවර ගෙන තිබුනේ නැත.
ඒ පිලිබදව විදෙස්ගත සෑම ශ්‍රිලාංකිකයෙකුම පක්ෂ හේදයෙන් තොරව රජයට සිය පිලිකුල විවිධාකාරයෙන් පළකර තිබුණි.ඒ අනුව රජය පලමු වරට කොරෝනා නිසා ඉල්ලන් කෑවේ එසේය.
අද දෙවන ඇන ගැනිල්ලයි.
ඒ නිරෝධායනය වෙනුවෙන් රු 7500 ක් අය කිරිමට ගත් තින්දුව නිසාය. එය පැහැදිලිව රජය ගෙන තිබුණ අතර ඒ නිසාම රාජ්‍ය මාධ්‍ය විසින් එය පළකර තිබුණි.itn news
එහෙත් එයට එල්ලවු දැවැන්ත විරෝධය හමුවේ හමුදා ලොක්කාව දමා ආණ්ඩුව ගොඩ යන්නට හැදුවේ අනේ නැ අපි සල්ලි ගන්නේ නැයි කියමිනි.
ඒ වන විටත් ආණ්ඩුවේ රෙදි ගැලවි තිබුනේ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිය වල සහයෙන් විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රිලාංකිකයන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු කිරිම නිසාය.ඉතාලිScreenshot_20200310_122114
ඒ අනුව දැන් ආණ්ඩුවට රු 7500 කථාව ඉල්ලා අස්කරගන්නට සිදුව ඇත.ITN news
ලැජජා නැතිව දැන් රජයේ මාධ්‍ය වලට යලිත් ඒ පුවත පළකරන්නට සිදුව තිබේ.
කොරෝනා අරභයා මේවැනි සරල කරුණක් හෝ කළමණාකරණය කරගන්නට බැරි පාලකයන් රට සැබැවින්ම කොරෝනා වෛරස් තත්වයකට මුහුණ දෙන්නේ නම් හැසිරෙන්නේ කෙසේදැයි දැන් හොදින් තේරුම් ගතහැකිව තිබේ.
පිස්සන්ට වුව හැතැම්ම තිබේ..
එහෙත් රාජපක්ෂලාට නැත.
ඒ අනුව පිස්සෝද ඉන්නේ ද ඉදිරියෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here