කොරෝනා හා පොරබදන සුව සේවක සේවිකාවන්ට ජිනිවා නුවර ජනයා අත්පුඩි ගසා ගෞරවය පුදකරති !

0
128

jet-deau-geneva-switzerland-shutterstock_610968776යුරෝපය පුරා කොවිඩ් 19 පැතිර යමින් තියෙන්නේ වේගයෙන්. මේ තත්වය නිසා වැඩිම අනතුරට මුහුණ දෙන්නේ සුව සේවක සේවිකාවන් සහ ඊට සම්බන්ධ පිරිස්. ශවුන්ගේ සේවය අගැයීමට වමේ වන විට රටවල් ගණනාවකම සැන්දෑ අත්පුඩි ගැසීම් පවත්වා තිබෙනවා. ඊයේ ජනීවාහි පුරවැසියන්ට ලැබුණු විවිධ සණිවිඩවලින් ඉල්ලා සිටියා රෑ නමයට ගෙදර සදළු තලයට හෝ පිටතට ඇති ජනේලය ඇර විනාඩියක් අප්පුඩි ගහන ලෙස. ඒ සුව සේවක සේවිකාවන් සහ පිරිසිදු කරන්නන් වැනි සියලු දෙනාටම ගහන අත්පුඩියක් ලෙස. හරියටම නමයට මා ජීවත්වන පක්කී පෙදෙසේ හැම තට්ටු නිවාසයකින්ම වාගේ අප්පුඩි හඩ ඇහෙන්න වුණා. එය හරිම අශ්වාදජනක මෙහොතක්. විනාඩියකටත් වඩා එය පැවතුනා. මෙය කොරෝනා වෛරසය පිළිබඳව මහජන අවබෝධය නැවීමටත් ඉවහල් වන පියවරක්.පහත විඩියොවෙන් ඇසෙන්නේ අපේ සදළු තලයේ සිට අප සහභාගි වූ එම උද්වේගකර අප්පුඩි හඩයි.
(සුනන්ද දේශප්‍රියගේ මුහුණු පොතෙනි )

ජිනිවා ජනතා උපහාරය