ඊයේ දිනයේ මියගිය ගණන 3 ක් වු අතර අද දිනය තුල මේ දක්වා මිය ගණන 5 ක් ලෙස සටහන් විමත් සමගින් තත්වයේ බරපතල කම තවත් ඉස්මතුවෙමින් තිබේ.
මේ අතර ansa.it වෙබ් අඩවිය සදහන් කරන්නේ කොරෝනා වෛරසය ආසාදිතවුවන්ගේ ගණන 322 දක්වා මේ වන විට ඉහල ගොස් ඇති බවය.
අද දවල් පළමු වරට සිසිලිය දුපතේදි එක් රෝගියෙකු වාර්තා වි තිබුණ අතර මේ වන විට ඒ ගණන 3 දක්වා ඉහල ගොස් ඇතැයි සිවිල් ආරක්ෂණ ඒකකයේ කොමසාරිස් ඇන්ජලෝ බොරෙලි විසින් පවසා තිබේ.