කොවිඩ් ආසාදිතයන් ගණන 2437 දක්වා ඉහලට ! කන්දකාඩුවෙන් පමණක් කොවිඩ් ආසාදිතයන් 340 ක් !

0
84

Coronavirus-outbreak-1කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්  87 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ..

මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 340ක් වේ

මේ අනුව අද දිනයේ පමණක් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283ක් ලෙස සදහන් වේ..

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතවාගෙන ගෙන යනු ලබන කන්දකාඩු හා සසේනපුර ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ  මධ්‍යස්ථාන දෙකේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය 1150ක් පමණ සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටි.

මේ අතර අද හඳුනාගත් ආසාදිතයින් ද ඇතුළුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2437 දක්වා ඉහළ ගොස් ඇත.