කොවිඩ් මර්ධනයට විශේෂ දායකත්වයක් සැපයු P.H.I ලාට රජයෙන් යතුරු පැදියක් ….

0
110

phi-web-825x412

 ශ්‍රිලංකාව තුල කොවිඩ් පාලනය කිරිමෙහිලා විශේෂිතම සේවාවක් ඉටු කළ පිරිසක් ලෙසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ කාර්යභාරය හදුනාගෙන තිබුණි. ඒ ඔවුන් අවධානම් දරමින් පවා කරන්නට යෙදු සුවිශේෂි කැපකිරිම් නිසාය.
තතු එසේ වුවද මේ තත්වය ගැන නිසි ඇගයුමකට ලක් නොකළ සෞඛ්‍ය ඇමතිවරියගේ ඇතැම් ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි කළකිරිමකට පත්වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සිය වෘත්තිය ගරුත්වය වෙනුවෙන් අරගලයකට පවා පිවිසෙන්නට සිදුව තිබුණි.
කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ යතුරුපැදි ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව අගෝස්තු 30 වැනිදාට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘‘කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ’’ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි. පළමු අදියර යටතේ යතුරුපැදි අටසියයකට වැඩි සංඛ්‍යාවක් පිරිනැමීමට නියමිතව තිබෙන බවද එහි සඳහන්ය

සෑම මහජන පරීක්ෂකවරයෙක් සඳහාම වසර 5කට වරක් නව යතුරුපැදියක් රජය මගින් ලබාදෙන අතර 2015 වසරෙන් පසු මෙතෙක් මහජන පරීක්ෂකවරුන් සඳහා එම යතුරුපැදි ලබාදී නොමැත.

ඒ අනුව මෙතෙක් යතුරුපැදි නොලැබූ 805කට පමණ නව යතුරුපැදි ලබාදීමට නියමිතව තිබේ.