කොවිඩ් මෘතදේහ ආදාහනය ගැන අගමැති කිව්වේ ඇත්තක්ද ?

0
203

කොවිඩ් ආසාදනයෙන් මිය දෙන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අගමැතිවරයාඅනුමැතිය දී ඇතැයි පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසන බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ආසාදිත පුද්ගලයන්ගේ මෘත දේහය භූමදානය කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත්දැයි ‘ද ලීඩර්’ කළ විමසීමකදි ඉහත පිළිතුරු ලබාදි ඇතැයි එහි එම පුවතේ තවදුරටත් සදහන්ය

එහිදී දී එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් අද පාර්ලිමේන්තුවේ කළ ප්‍රශ්න කිරීමක් හමුවේ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ‘භූමදානය කරන්න ඉඩ දෙනවා’ කියලා විතරයි කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භුමදානය කිරිමට ඉඩ දෙන බවත් අගමැතිවරයා කිසිදු ලෙසකින් ප්‍රකාශ කළේ නැහැ. යනුවෙනි.

රජය විසින් කොරෝනා ආසාදිත මුස්ලිම් මෘත දේහ භුමදානය කිරීමට ඉඩ ලබාදීම පිළිබඳ විවිධ රාජ්‍ය නායකයන් විසින් ශ්‍රී ලංකා රජයට පැසසුම් සහගත නිවේදනයන් ද නිකුත් කර තිබුණ අතර ඉදිරි දිනයකදි ලංකාවට පැමිණිමට නියමිතව සිටින පකිස්ථාන අගමැතිවරයාද ඒ අතර වෙයි

ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා කළ ප්‍රශ්න කිරීම හමුවේ අගමැතිවරයා ‘භූමදානය කරන්න ඉඩ දෙනවා’ යැයි ප්‍රකාශ කිරීම නිසා එදින පස්වරුවේ පක්ෂ විපක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිවරයා හමුවී සිය ස්තූතිය පළකර ඇත. ඒ අවස්ථාවේදී අගමැතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති වීම ද විමතියට තුඩු දෙන්නක් බවද ද ලිඩර් පුවතේ සඳහන්ය.

මේ අතර ප්‍රකට සමාජ දේශපාලන ක්‍රියාධරයෙකු වන දිලන්ත විතානගේ දිය ෆේස් බුක් පිටුවේ මෙසේද සටහන් කොට තිබුණි.

මුලාශ්‍රය- ද ලිඩර්