News කොවිඩ් වලට මුවාවි දයාන් ලංසා රු කෝටි 7කට විදියි? By fgamage - 2020 July 7 0 154 FacebookWhatsApp මීගමුව මහනගර සභාවේ රු.කෝටි 7ක ස්ථාවර තැන්පතුව අවසන් කොට ඒ මුදල් ලබාගැනිමට අද පැවැති මහසභා රැස්විමේදි නගරාධිපති දයාන් ලංසා කටයුතු කර තිබුණි.කොවිඩ් වලට මුවාවි මෙසේ මුදල් වලට විදීම දයාන් ලංසා විසින් සිදුකර තිබුණි.මුදල් කාරක සභා අයිතම අංක 207යටතේ මහසභාවේ අනුමැතිය සදහා මෙය ඉදිරිපත් කළ අවස්ථාවේ එයට එරෙහි වි තිබුනේ ජවිපෙ මන්ත්රීන් තිදෙනා පමණි.එජාප නාගරික මන්ත්රීන් අතුරෙන් මුදල් කාරක සභාව නියෝජනය කරන්නේ සජිත් කාවින්ද පිළේ මන්ත්රීන් දෙදෙනෙකු වන කැලිසන් ජයකොඩි සහ නස්මියාර් යන අයවලුන්ය.අප මීට පෙරද සඳහන් කළ පරිදි සජිත් කාවින්ද නඩයේ මේ මන්ත්රීන් දෙදෙනා මීගමුවේ බදු ගෙවන ජනයාගේ බදු මුදල් තැන්පතුව විනාශ කර දැමිමට අනුමැතිය ලබා දි තිබේ.