‘‘ කොවිඩ් 19 ‘‘ නිරෝධායන ක්‍රියාවලිය , මිලිටරීකරණය වී ඇති බවට වෛද්‍යවරියක් චෝදනා කරයි

0
130
Thushara-wikkramanayakeඔක්තෝබර් 16 වනදා එක්සත් රාජධානියේ සිට ලංකාවට පැමිණි වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය  මේ වනවිට මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ නිරෝධායනය සඳහා නැවතී සිටින අතර ඇයට මුහුණදීමට සිදුවී ඇති අසාධාරණයක් සම්බන්ධයෙන් සිය ෆෙස්බුක් පිටුව හරහා වාචික ප්‍රකාශයක් කර ඇත.  ලංකාවට පැමිණි මොහොතේ සිට ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස සිය අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ පරිපාලනයකට  මුහුණ දුන් බව පවසන ඇය කියා සිටින්නේ ගුවන්තොටුපලේදීම ඇයට ලැබුන සෞඛ්‍ය  පෝර්මය චීන භාෂාවෙන් තිබූ අතර මේ සම්බන්ධයෙන් ඇය රාජ්‍ය භාෂා කොමිසමට පැමිනිලි කළ බවයි.  ඔක්තෝබර් 16 වනදා සිට අද (30) නිරෝධායන කාලසීමාවට ඇය 175,000ක් ගෙවා ඇති බවත් අද සවස් වන විට ඇයට නිවසට යාමට අවශ්‍ය වුවත් ඒ සඳහා ඇයට අවසර නොමැති බවත් ඇය සිය ෆේස් බුක්  පිටුවට ප්‍රකාශයක් කරමින් කියා සිටියි. එයට හේතුව දෙවන වර සිදුකර ඇති   PCR පරීක්ෂණය නිවරදිව සිදුකර නොමැති නිසා එහි යම් කිසි අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව පවසමින් ඇයට  පිටත්වීමට අවසර දීමට නොහැකි බව හෝටලය පාලනය කරන හමුදා නිලධාරීන් පවසන බව වෛද්‍යවරිය පවසයි. මෙම පරීක්ෂණයේ ඇති අක්‍රමිකතාවය තමන්ගේ පුද්ගලික වරදක් නොවන හෙයින් තමාට නිවසට යාමට අවසර දෙන ඇය ඉල්ලා ඇති අතර එසේ නොවනවානම් වැඩිපුර හෝටලයට මුදල් ගෙවීමට ද තමන්ට නොහැකි බවද ඇය පවසයි. මුල සිටම තමන්  අත්විඳි  නිරෝධායන ක්‍රියාවලිය  මිලිටරිමය ස්වභාවයක් පැවති බවත් සාධාරණ හා නීතිගරුක  පුරවැසියෙකු ලෙස එය ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු සහිත හෙළදරව්වක් කරමින්  වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය අද සවස සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රකාශයක් සිදුකළාය.
පෝර්මය – උපුටාගැනීම වෛද්‍ය කුෂර වික්‍රමරත්න – මුහුණ පොතෙන්

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය විසින් මුහුනු පොතේ පළකර තිබූ සටහන

වෛද්‍ය තුෂර වික්‍රමනායකට එරෙහි හිංසනය හෙලාදකිමු!

වෛද්‍ය තුෂර වික්‍රමනායක

Tushara Wickramanayaka

” අර විදුරගෙ නංගි – හිටපු අගමැතිගෙ දුව, ලංකාවට ගියා. එයා කොරොන්ටයින් උනේ මීගමුවෙ ජෙට්වින් බ්ලූ එකේ 175,000ක් දීල. ඒ ඇරුනම ශ්රීලංකන් එයාලයින් එකෙන් 25,000ක් අරන් තියෙනව PCR දෙකකට කියල.

දැන් ප්රශ්ණෙ මේකයි. එයාව අද හවස 4ට ගෙදර අරින්න ඕනෙ, මොකද එයාගෙ නිරෝධායන කාලෙ ඉවරයි. ඒත් යවන්නෙ නැතිව කියනව ලු 26 ද ගත්ත දෙවනි සාම්පලේ හරියට අරගෙන නැහැ – insufficient sample – කියල, පුද්ගලිකව තව PCR එකක් කර ගන්න කියල. ඒත් එයා හොයාගෙන ගියාම එයාගෙ නම ඉස්සරහ තියෙන්නෙ “නෝ සාම්පල්” – no sample – කියලලු. ඒ කියන්නෙ මේ ගොල්ලගෙන් සාම්පල් ගත්තට ඒව ටෙස්ට් කරන්න යවල නැහැ කියල එක. තව දවස් හතරක් ඉන්න කියනවලු. කවුද ඒවට ගෙවන්නෙ. ගෙදර යන්න ගියොත් අත්අඩංගුවට ගන්නවලු.
හෝටලේ විතරක් නෙමෙයි ඒ මුලුපැත්තම පාලනය කරන්නෙ හමුදාව, කිසිම දොස්තර කෙනෙක් නැහැ. එයා අහන්නෙ දැන් කවුද මේවට ගෙවන්නෙ? දැන් අලුත් එකක් අරන් එයා පොසිටිව් කියල බොරු එකක් දෙන්නත් පුලුවන්. මේක මාර කෙලියක්. මේක නිරෝධායන බිස්නස් එකක් කියන්න තවත් හේතු මොනවටද?
පසු සටහන: එයාට එයාපෝට් එකේදී දීපු චීන බසෙනුයි, ඉංග්රීසි බසෙනුයි තියෙන පෝරමයක් එයා සිංහලෙන් පුරවල ඒක මට කිව්වම මම ඒක ගෙන්න ගෙන ෆේස්බුක් දැම්ම. දැන් ඒක වැරදියි කියල ආණ්ඩුවෙම රාජ්ය භාෂා කොමිසම පිලිඅරගෙන ඒක වෙනස් කරනව කියනව. ඒත් මේ ඒකට කරන හැරස්මන්ට් එකක්ද? වෙන එකක් ද? මුලු ලෝකෙම මේක බලාගෙන ඉන්නෙ. අපි දේශ සීමා රහිත වෛද්ය සංගමය ඇතුලු හැමෝම දැනුවත් කරනව මේ ගැන. ”