කොළඹ මීගමු අධිවේගයේ නන්නත්තාර රාත්‍රි බස් සේවය

0
65

bus issueඅධිවේගි මාර්ග මෙන්ම දහවලෙහි එහි යනෙන අනේකවිධ සුඛෝපහෝගි බස් සේවය දැස පිනවන සුන්දර දසුනකි.
දැන් එහි මිළ ගණන්ද අඩුකර ඇති නිසා පසුම්බියටද වාසිය.මේ නිසාම මීගමුව කොළඹ යනෙන ජනයා වේගයෙන් සිය කොළඹ මිගමු ගමනාගමනය සදහා අධිවේගයට පිවිසුනේ අධිවේගයෙනි.
එහෙත් මේ සියළු සුන්දර කථාවන්හි අසුන්දරත්වය එළියට පනින්නේ කළුවර වැටුන පසුවය.
2014 අප්‍රේල් 29 වනදා රාත්‍රි 8 ට පමණ කොළඹ මීගමු අධිවේගි පෝලිමට පැමිණ ජනයා අවම තරමින් පැයකට වඩා කාලයක් බසයක් බලාපොරොත්තුවෙන් සිටියද බ්ස් රථ පැමිණියේ නැත.
පසුව විමසිම් අංශය වෙත ගිය මගින් අසන්නට පටන් ගත්තේ මීගමුවට අධිවේගයේ බසයක් නැතිදැයි කියාය.
එහි වු නිළධාරින් දෙදෙනා කාසය බිව් ගොළුවන් සේ අසරණ සිටිනු දක්නා ලද්දේ කිසිදු සම්බන්ධිකරණ වැඩපිළිවෙලක් මීගමුව ලංගම කළමණාකාරිත්වය සහ කොළඹ අතර නොතිබිම නිසාවෙනි.
අඩුම  තරමින් විමසිම් කාර්යාලයේ නිළධාරින් පවසා සිටියේ බස් එනවාදැයි විමසා දැනගැනිමටවත් එහි දුරකථන පහසුකම් නැති බවය.
නිසි පිළිතරු නැතිවුයෙන් මගින්ගේ ඉවසිමද රතු කට්ට ආසන්නයට පැමිණ තිබුණි.
කෙසේ හෝ බස් රථයක් පැමිණියේ 9.25 ට පමණය.
එයද දරණියගල ඩිපෝවට අයත් බව එහි සේවකයන් පවසා සිටියේ මීගමුවේ අධිවේගි බස් සේවය සිය රාත්‍රි බස් සේවා නිසි ලෙසින් ක්‍රියාත්මක නොකරන බවය.