කෝකිලා මේ විහිළු කරන්නේ කා එක්කද ???

0
149

රට දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් තිබියදිත් කිසිදු වෘත්තිය පරිචයක් නැති සේ හැසිරෙන ඇතැම් මැති ඇමත්තන්ගේ අද රට මුහුණ දි සිටින අර්බුදය තවත් තිව්ර කරමින් සිටිති
තතු එසේ නිබියදි පොදුජන පෙරමුණෙ ඇතමුන් දැනටමත් හැසිරෙමින් සිටින්නේ පිස්සන්ට හැතැම්ම නැති ගානටය.
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන කෝකිලා ගුණවර්ධන පසුගියදා කරන්නට යෙදුන ප්‍රකාශයක් පිළිබදව දැනටමත් බරපතල විවේචන සමාජ මාධ්‍ය හරහා එල්ලවන්නට පටන්ගෙනය.

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නැතැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටිමිත් සමගින්ය.

ඇය එසේ පවසා තිබුනේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන බව මිස කොරෝනා මෘතදේහ භූමදානය ට අවසර ලබාදෙන බවක් අගමැතිවරයා නොකී බවයි.

කෙසේ වෙතත් අගමැතිවරයා විසින් කරන්නට යෙදුන ඒ ප්‍රකාශය මුලික කොට ගෙන රටවල් ගණනාවක්ද දැනටමත් අගමැතිවරයාට සුභපතා තිබුණ අයුරු මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.

විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද අගමැතිවරයාට ඔවුන්ගේ ප්‍රසාදය පළකර තිබේ.
තතු එසේව තිබියදි කෝකිලා ගුණවර්ධන විසින් මේ හෑල්ලු කරමින් සිටින්නේ තමන්ගේ අගමැතිවරයාව පමණක් නොව තවත් ජනකොට්ටාශයක ආගමික විශ්වාසයක් පිළිබදවය