කෝටි ගණන් මුදල් හම්බ කරන් ගෙදර ගිය දයාන් ලංසා කොටුව පිට්ටනියට කරපු දේ?

0
248

මීගමුවේ පිට්ටනි ගැන මේ දිනවල සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. ඒ මිපුර වෙබ් අඩවියේ පසුගිය දිනවල පළකරන ලද කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මුලික කොට ගෙනය.

රාජපක්ෂ පවුලේ මෙන්ම ලංසා පවුලේද සුවච කිකරු හිතේෂිවන්තයෙකු වු මිගමුව සා.මරියා විදුහලේ හිටපු විදුහල්පති පියතුමාගේ ගණුදෙනු වල ප්‍රතිපලයක් ලෙසින් කාමච්චොඩේ ක්‍රිඩා පිට්ටනිය සා.මරියා විදුහලේ පරිහරණයට යොදා ගැනේ .ප්‍රශ්ණ පත්තර වංචාවක් හේතුවෙන් සමස්ථ කතෝලික සභාවටම කලු පැල්ලමක් ඉතිරි කරමින් විදුහල්පති තුමාට ගෙදර යන්න වුයේ පට්ටමද ගලවා දමාය.

කෙසේ වෙතත් එම විදුහලට අලුතින් පැමිණි විදුහල්පති පියතුමා විසින් කාමච්චෝඩේ තරුණ දරුවන්ට සිය ක්‍රිඩා පිටිය භාවිතා කිරිමට ඉඩ නොදිම හේතුවෙන් ගැටළුවක් මතුව තිබුන අතර ඒ අය විසින් අපගෙන් කළ ඉල්ලිමකට අනුව අප මේ ගැන හෙලිදරව්වක් මිපුර වෙබ් අඩවිය තුලින් සිදු කලෙමු.එහිදි අප මතුකර තිබුනේ ලංසා පවුල විසින් මිගමුවේ අනෙකුත් ක්‍රිඩා පිටිද මිගමුවේ බදු ගෙවන ජනයාට ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත්කරමින් ඔවුන්ගේ ගජමිතුරන්ට ලබා දි ඇති ආකාරයයි.

කොටුව පිට්ටනිය යනු මිගමුව පාපන්දු ක්‍රිඩාවෙන් ජාතික තලයට ඔසවා තැබු ප්‍රධාන ස්ථානයයි . එහෙත් ලංසා පවුල් පාලනය විසින් දැන් එයද විනාශ මුඛයට ඇද දමා තිබුණි.

පසුගිය මාර්තු 19 වෙනිදායින් පසු මිගමුවේ නගරාධිපති දායන් ලංසා ගෙදර ගියේය. එසේ ගෙදර යාමට ඇති අකමැතිකමත් ,ලැජ්ජාවත් නිසාදෝ නගරාධිපතිවරයා මාර්තු 15 දාම විදේස් සංචාරක් සඳහා පිටත් ව ගොස් තිබුණි.
කෙසේ වෙතත් නගරාධිපති දයාන් ලංසා සිය ධුර කාලය තුල ප්‍රකෝටි ගණනින් හම්බකරගෙන මාළිගා වැනි නිවාස ඉදිකර යාන වාහනද සමඟඅන අති සුඛෝපභෝගි දිවියක් ගත කරයි.

මේ සියලු සම්පත් ඔහු විසින් ලබාගෙන තිබුනේ නගරාධිපති ධුරයේ සිටි කාලයේය. ඒ අනුව දයාන් ලංසා මිගමුවේ සියලුම ක්‍රිඩා පිට්ටනිද ඇතුළු සංවර්ධන වැඩ වැඩසටහන් කාබාසිනියා කරදමා ඔහුගේ සුඛෝපභෝගි ජිවිතය පමණක් රැකගෙන ඇත.

කොටුව පිට්ටනිය දිගු ඉතිහාසයකට හිමිකම් කියන නගරයේ සුන්දර ස්ථාන වලින් එකකි . අප මෙම ස්ථානය අසලින් ගමන් කරන සෑම අවස්ථාවකදීම විවිධ තරාතිරමේ අය පැමිණ ක්‍රීඩා වල ⁣යෙදෙන සහ ඇවිදින , විවේක ගනිමින් සිටින අවස්ථා දැක අැත්තෙමු. සමහර දැඩි අව්රස්මිය ඇති අවස්ථාවල පවා තම පුහුණු වීම් කරන ක්‍රීඩකයින් , පාසැල් දරුවන් අප දැක ඇත්තෙමු . එවන් සේවාවක් සපයන කොටුව පිට්ටනියේ පැවිලියන් එක මුළුමනින්ම අද ගරා වැටී ඇත . කිසිදු වගකිවයුත්තෙකුට මෙම තත්වය නොපෙනී යාම ප්‍රශ්ණයකි .

ඉතිහාසය තුළ තිබුනු මීගමුව නගරයේ සිත් අැදගන්නා සුළු චිත්‍රය අද මැකීයමින් පවතී . අද මතුවෙමින් පවතින්නේ බොඳවූ චිත්‍රයකි.
මවක් තම දරුවන් පිළිගන්නාක් මෙන් කිසිදු උස් පහත් භේදයකින් තොරව මෙම පිට්ටනිය විසින් පිළිගන්නා බව අපි දනිමු . ජුපිටර්ස් වැනි ප්‍රසිද්ධ ක්‍රීඩා සංගම්වල සිට ගමේ කොල්ලන් කුරුට්ටන්ට පැමිණ තම හැකියාවන් , දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමට ඉඩ කඩ සකසා ගත් ස්ථානයකි මේ.
අතීතයේ තම ඉඩකඩම් පොදු සමාජය වෙත පරිත්‍යාග කළ පාලකයින් සිටි බව අප අසා ඇත්තමු. නමුත් අද සිදුවන්නේ එහි අනෙක් පැත්තය. පොදු ස්ථාන සොයා ගොස් එකී ස්ථාන වල කුමක් හෝ අටවා තම මඩිය තර කර ගැනීම ඒ අයගේ ප්‍රතිපත්තියයි.

IMG-20191206-WA0035

දශකයකටත් වැඩි කාලයක් මිගමුව පාලනය කළ ලංසා පාලනයේ අසාර්ථකත්වය මනින්නට කොටුව පිට්ටනියට මේ සිදුකර ඇති විනාශයම ප්‍රමාණවත්ය.
මිගමුවේ සෙල්ලම් පිට්ටනි තිබුනේ ලංසා පවුලේ හිතවතුන්ට අමතර අදායම් ලබාගැනිමට මිස ක්‍රිඩකයන් වෙනුවෙන් නොවේ.
කොටුව පිට්ටනිය වැනි ප්‍රධානතම ක්‍රිඩා පිටියක් අද මේ තත්වයට පත්ව ඇත්තේද එ නිසාමය.