කෝටි 16 ක් වැය කර ඉදිකළ වෙරළ උද්‍යානයේ පිහිනුම් තටාකය දැන් කාගේද ?

0
87

beach-prk-1මීගමුව වෙරළ උද්‍යානයේ පසුගිය කාලය තුල බස්නාහිර පළාත් සභාව විසින් ඉදිකරන්නට යෙදුන පිහිනුම් තටාකයේ පාලනය කාගේද යන ප්‍රශ්ණය මතුව ඇත්තේ ඒ සදහා දරන්නට සිදුව ඇති වියදමත් සමගින්ය.
රුපියල් කෝටි 16 ක රජයේ මුදල් වැය කරමින් ඉදිකරන්නට යෙදුන පිහිනුම් තටාකය මීගමුව මහනගර සභාවේ පාලනයට නතු නොකර එවක සංචාරක ඇමතිව සිටි නිමල් ලංසාගේ උවමනාව මත සිය පියාගේ පරිහරණයට නතු කිරිමට ඉඩහැර තිබුණි.
දැන් ඇත්තේ යහපාලන රජයකි.
රාජ්‍ය මුල්‍ය අයෝජන්ගේ ප්‍රතිලාභ සෑබැ ලෙසින්ම භුක්ති විදිය යුත්තේ මහජනතාවය. එහෙත් පහුගිය කාලය තුල මීගමුවේදි සිදුව තිබුන තාත්තාගේ මනදොල පිණවිම වෙනුවෙන් සියලු රාජ්‍ය අයෝජන යොමුකර තිබිමයි.
මේ තත්වය වෙනස් කිරිමට කාලය එලඹ තිබුනද මීගමුව මහනගර සභාවේ නගරාධිපති ඇන්ටනි ජයවිර තවමත්  ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත.
එපමණක් නොව පළාත් සභාව තුල මේ ගැන ප්‍රමාණවත් ප්‍රශ්ණ කිරිමක්ද සිදුවන බවක් නොපෙනේ.
තතු එසේ නම් යහපාලනය යටතේ පවා කල්ල මරේ වන්නේ ඇමති ලංසාගේ පියාටමය.
මේ තත්වය වෙනස් කළ හැකි වටපිටාවක් මීගමුව තුල නිර්මාණය කරගැනිමට තවත් කොපමණ නම් කාලයක් යාවිද ?