කෝ පරිසර පොලිස් ..?

0
74

2පරිසරය අවලස්සන නොකිරිම සහ එය සුරකිම වෙනුවෙන් දැන් මිගමුව නගරයේද පරිසර පොලිසියක් ක්‍රියාත්මකය.එය කොයි තරම් නම් කාර්යක්ෂමදැයි කියන්නෙ නම් වරක් මංකුලිය  ප්‍රදේශයේ කඩයකින්  කොල ඉවතා ලා එය පුච්චන්නට සුදානම්ව සිටියදි අත්අඩංගුවට ගෙන පොලිස් කුඩුවේද රදවා උසාවියෙන් රු 3000 ක දඩයක්ද නියම කර   තිබේ.

එමෙන්ම මීට මාස කිපයකට ඉහතදි නගරයේ ප්‍රසිද්ධ ටියුෂන් පංතියක පොස්ටර් අලවමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර  තිබුනි.

තතු එසේ වුවද මේ සටහන තැබෙන අද උදෑසන ආණ්ඩු පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරග වදින් දයාන් ලංසා අපේක්ෂකයාගේ රථ පෙළපාලිය මීගමුව නරගය ඔස්සේ ගමන් කරද්දි ග්‍රින් පාක් ඉදිරිපිට විශාල වශයෙන් රතිඤා පත්තු කිරිම නිසා කුඩා කොළ කැබිලි විසිරි ගොසින් මුළු ප්‍රදේශයම අවලස්සන වි ඇත.එමෙන්ම ඒ අවට සිටි මහජනතාවට විශාල අපහසුවක් වි ඇත.

මේ සම්බන්ධයෙන් මීගමුව පරිසර පොලිසියේ නිළධාරි මහතකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවා සිටියේ විසුරුණ කොළ කැබිලි සහ පත්‍රිකා ඉවත් කිරිම සදහා දැනටමත් තමන් නගර සභාවේ සේවකයන්ට දන්වා ඇති බවයි.මේ අවලස්සන කිරිම සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග නොගන්නේ දැයි අප කළ විමසුමට පවසා සිටියේ එසේ කරන්නට බැරි බවත්ය.

එමෙන්ම ඉදිරියේදි පොස්ටර් ඇලවිම සදහා පුවරු 30 ක් නගරය පුරා රදවන බවත් ඉන් පසු පොස්ටර් ඇලවිය හැක්කේ එවායේ පමණක් බවද පවසා සිටියේය.