කෝ සාක්ෂි ! කෝ ගිනි අවි ! මිනිසුන්ගේ ජිවිත විනාශ කරනවා ! රොයිස් විජිතගෙන් බරපතල චෝදනාවක් !

0
69

රොයිස් විජි කප්පම් ගැනිමේ සිදුවිම් පිළිබදව සැකපිට අත්අඅඩංගුවට ගෙන පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරන ලද මිගමුව හිටුප එජාප සංවිධායක රොයිස් විජිත මහතා අධිකරණ භුමිය තුලදි බරපතල චෝදනාවක් එල්ල කර තිබුණි.
එනම් කිසිදු සාක්ෂියක් හෝ නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පියවරගැනිම පිළිබදවය.
එහිදි ආවේගශිලි ලෙසින් ඔහු උස් හඩින් කියා සිටියේ මිනිසුන්ගේ ජිවිත විනාශ කරනවා යැයි කියාය.
ඒ අනුව ඔහු ඉතා පැහැදිලි ලෙසින් මාධ්‍ය හමුවේ කියා ඒ වන විටත් කර තිබුණ ප්‍රකාශයන්ගේ හරය වි තිබුනේ තමන්ගේ නිර්දෝශි බව පිළිබදවය.
(තතු එසේව තිබියදි පසුගියදා ගුවන් තොටුපලේදි ලසිත් මාලිංගනේ ගොන් ප්‍රශ්ණයක් ඇසු මාධ්‍යවේදියාට සමාන අයෙකු විසින් රොයිස් විජිතගෙන් පිට පිට තුන්පාරක් අසාසිටින්නේ ඔබ කියන්නේ ඔබ නිර්දෝශදැයි කියාය. ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට දෙවියන්ගේම පිහිටය. )Screenshot from 2019-07-12 01-48-03
මෙය වඩාත් තහවුරු කරමින් අධිකරණ භුමිය තුලදි මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටින රොයිස් විජිත වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මඩුල්ලේ නිතිඥ දන්ත නිරංජන් මහතාද කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනිම සැකකරුවන් හට පහරදි ලබාගත් කටඋත්තර මත පදනම් කොට ඇති බවය.
මෙය බරපතල තත්වයකි.
කිසිදු සාක්ෂියක් හෝ නොමැතිව අදාල කප්පම් සිද්ධියට සම්බන්ධ යැයි කියා අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට පහර දිමෙන් ලබාගත් කටඋත්තර මත රොයිස් විජිත අත්අඩංගුවට ගෙන ඇත්තේ නම් ඒ  කාගේ උවමනාවකටද යන්න බරපතල ලෙසින් සලකා බැලිය යුතු කරුණක්ව තිබේ.Screenshot from 2019-07-12 01-47-14
මෙහිදි වඩාත් අවධානය යොමුකළ යුතු අනෙක් කරුණ වන්නේ මෙම කප්පම් සිද්ධියට මුහුණ දුන්නා යැයි කියන තැනැත්තා අඩුම තරමින් රොයිස් විජිතගේ නමවත් නිවරදි ලෙසින් උච්චාරණය කරගැනිමට නොහැකි අයෙකු විමය.
මාධ්‍ය විසින් මේ ගැන විමසා සිටින අවස්ථාවේ ඔහු කියා සිටින්නේ රොයිස් ප්‍රනාන්දුපුල්ලේ යැයි කියාය.
මේ සියල්ල එකට කැටි කළ විට මේ පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පෙනෙන්නට තිබේ.
පොලිසිය හෝ ආදාල සැකකරුවන් ලවා රොයිස් විජිතව මෙසේ කොටු කරගැනිමට අදින්නේ කව්ද ඒ පිටුපස ඇති දේශපාලන උවමනාව කුමක්ද යන්න දැන් මිගමුවේ දේශපාලන කවයන් අතර මහත් අවධානයකට ලක්ව තිබේ.
මේවැනි ආකාරයේ කුමන්ත්‍රණයන් දියත් කරන්නෝ කව්රුන්ද යන්න මිගමුව ජනයා ඉදිරියේ හෙළිවිමට ඇත්තේ තවත් දින ගණනක් පමණි.,එය නිසි ලෙසින්ම දැනගැනිමේ මිගමුවේ අවස්ථාවාදි ජඩ දේශපාලකයන් යනු කව්දැයි රටටම හෙළිකරනු ලබන දිනයද උදාවනු ඇත.;
(ඡායාරූප- කලර්මිඩියා වෙබ් අඩවියෙනි )