මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසාට ඉතාමත් සමිපව කටයුතු කළ නගර සභා සේවකයෙකු පසුගියාදා අත්අඩංගුවට ගෙන තිබුනේ ගංජා අලෙවි කිරිමේ ජාවාරමක යෙදි සිටියදිය.
මාසයකට වැඩි කාලයක් සිරගතව සිටි මේ පුද්ගලයාව උසාවිය මගින් දඩයකටද යටත් කොට තිබුණි.
මේසා බරපතල විෂමාචාර ක්‍රියාවක නියැලු සිටි අයෙකුට නාගරික කොමසාරිස්වරිය විසින් නැවත වරක් නගර සභා සේවයට අවසර දි තිබිම ගැන නගර සභා සේවකයෝ විමතිය පළකර සිටිති.
මේ අදාල සේවකයා මේ දිනවල ලංසා පවුල විසින් මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් කර ඇති ස්වාධීන කණ්ඩායමේ දේශපාලන කටයුතු වල නිරතව සිටින බවද වාර්තාවේ.