ගංවතුර බැස්සවීමට හැදූ ගංවතුර බැස නොයන උස්වැටකෙයියාවේ සොරොව්ව…

0
420

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ,ජ ඇල.කටාන,මහර,කැණිය ආදී ප්‍රදේශවල ගංවතුර බැස්සවීම සදහා මුතුරාජවෙල තෙත් බිම අතීතයේ සිට බෙහෙවින් උපකාරි විය. එම වතුර ඇල මාර්ග ඔස්සේ හැමිල්ටන් ඇළත් දඩුගම් ඔයත්,,අත්තකගලු ඔයත් හරහා ගංවතුර බැසයන ලදී හැමිල්ටන් ඇළ හරහා කැළණි ගග හරහා මුහුදටත්, හැමිල්ටන් ඇළ හරහා මීගමු කලපුව මගින් මුහුදට බැස යන ලදී . පසුව මුතුරාජවෙල කාර්මික ප්‍රදේශයක් බවට පත්කිරීම සදහා මුතුරාජවෙල ගොඩ කරන ලදී.

කොළඹ කටුනයක අධි වේගී මාර්ගය මුතුරාජවෙල හරහා ඉදි වීම තුලින් මුතුරාජවෙල වගුරැ බිම සීග්‍රයෙන් ගොඩ කිරීමෙන් ගං වතුර පාලනය කිරීමට නොහැකි වීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි භූමි ප්‍රමානයක් ගංවතුරට යට වීම සීග්‍රයෙන් වැඩි වුනි. මෙයට හේතුව නිසි වාරිමාර්ග ක්‍රමයක් නොමැති වීමයි.

දැන් සුලු වැස්සකට පවා වත්තල ,ජා ඇල, කටාන, කැළණිය ප්‍රදේශ ගං වතුරන් යට වීමට සිදුවේ .කැළණි ගග පෝෂක ප්‍රදේශ වලට ඇතිවෙන වර්ෂාව නිසා කැළණි ගගේ එන විශාල ජල ධාරාව නිසා හැමිල්ටන් ඇල පිටාර මට්ටමට පැමිනේ. අතීතයේ ගංවතුර ඇතිවූ විට හැමිල්ටන් ඇල හා සම්බන්දවෙන උස්වැටකෙයියාව මැද පාලම අසල ඇති ඕඩය අසල ඇති මෝය මගින් මුහුදට තාවකාලිකව ඇලක් හාරා ගංවතුර මුහුදට බස්සවන ලදී.

පැරන්නන් වන ප්‍රදේශ වාසීන් පවසන පරිදි මුහුදේ වඩ දිය බාදිය උපකාරී කරගෙන මිනිසුන් විසින් උදැලු වලින් තල්දියවත්ත ප්‍රදේශයේ ඇති මෝය කපා ගං වතුර මුහුදට බස්සවූ බව පවසයි. ගංවතුර බැස ගිය පසු ස්භාධර්මයේ දායාදයක් ලෙස එම කැපූ ඇළ මාර්ගය මුහුදු රළ මගින් වැලි වලින් පිරී තාවකාලික ඇල වැසී යන බව වැඩි හිටි ප්‍රදේශ වාසීන් පවසයි. දැනට අවුරැදු 15 කට ප්‍රථම මහා ගංවතුරක් පැමිනි අතර එම ස්ථනයෙන් ඇලක් කපා ගංවතුර බස්සවා මුලු ප්‍රදේශයේම ගංවතුර බස්සන ලදී. මෙම ක්‍රියාව ඊට පසු තුන් හතර වතාවක්ම කර ප්‍රදේශයේ ගං වතුර පාලනය කරන ලදී.

එහෙත් ඊට පසු මෑතකදී ගංවතුර බැස්සවීම සදහා රජය මගින් නාගරික සංවර්ධන අධිකරිය හා පහත් බිම් මංවර්ධන මන්ඩලය එක්ව ගංවතුර මුහුදට බැසීම සදහා සොරොව්වක් ඉදි කීමට සැලසුම් කළ අතර ප්‍රදේශයේ ධීවරයන් ,පැරනි ප්‍රදේශ වාසීන් සිවිල් සංවිධාන හා ධීවර සමිති යොජනා කලේ අතීතයේ සිට ගංවතුර මුහුදට බැස්සවීම සදහා ඇල කැපූ ස්ථානයේම එම සොරොව්ව ඉදි කරව ලෙසයි. එම ස්ථානයේ එම සොරොව්ව ඉදි කිරීම අවශ්‍ය තාවය පෙන්වා දෙන ලදී. මෙයට ධීවරයන්ගේ හා ප්‍රදේශ වාසීන්ගේ දැනුම ප්‍රායෝගික අති විශේෂ කාරනයකි.

මුහුදේ හැසිරීම දන්නේ ඔවුන්ය. එහෙත් එම කාරණය ඉවත දමා ඔවුන්ට ඇහුම් කම් නොදී එම ස්ථානයේ ඉදි නොකර ඊට 100m ඈතින් රජය අත්තනෝමතිකව සොරොව්ව අති විශාල කෝටි ගනනක මුදලක් වියදම් කර ඉදි කරණ ලදී. එය විවෘත කිරීම සදහාද විශාල මුදලක් වියදම් කෙරැනි. එහෙත් එම සොරොව්ව එකම වතාවත් වත් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි විය. මුහුදු මට්ටම සොරොව්වට වඩා උසය. සොරොව්ව වෙත වතුර ගලා එනනේ නැත. සොරොව්ව විවෘත කල හොත් මුහුදු වතුර ගොඩ බිමට පැමිනේ. තව තවත් ගංවතුර වැඩිවේ.

මෙම ව්‍යාපෘතිය තනිකරම අසාර්ථක උත්සහයකි. මහජව මුදල් අත්තෝමතික තීරණ නිසා අපතේ ගොස් ඇත. දැන් එම සොරොව්වද කැඩී බිදී යාමට පටන් ගෙන ඇත. විශාල මුදලක් වියදම් කර තැනූ ගංවතුර පාලනයට ඉදි කල සොරොව්ව එකම එක වතාවක් වත් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වූ අසාර්ථක ව්‍යාපෘතියකි.දැන් සුලු ගංවතුර තත්වයකදී පවා එම ප්‍රදේශය ගංවතුරෙන් යටවේ. මෙය ව්‍යාපෘතිය තනිකරම සුදු අලියෙකි.

(හැමිල්ටන් ඇල ෆේස් බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here