ගණකාධිකාරිවරියව මාරුකළේ මිගමු නගරාධිපතිගේ උවමනාවටද ?

0
68

ලංකාවේ අංක එකේ දුෂිතම මහනගර සභාවේ ලංකාවේ පුවත් මවන ප්‍රධාන තැනක් බවට පත්ව තිබේ.ඒ නුගත් දේශපාලකයන් විසින් බඩපිණුම් ගසමින් ක්‍රියාක්මක කරමින් සිටින දුෂිත නගර පාලනය නිසාවෙනි.
මේ දුෂිතයන්ට අවනත නොවන අවංක පරිපාලන නිලධාරින්ව මාරුකර යැවිමට පවා මේ දිනවල කටයුතු කරමින් තිබේ.
මෙහි අලුත්ම ගොදුරු බවට පත්ව ඇත්තේ ඉතා ඉහලම ශ්‍රේණියේ සුදුසුකම් වලින් හෙබි ගණකාධිකාරිවරියයි.
වසංගත තත්වයක් මැද පවා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයට මාරුවක් ලබාදෙන්නට කටයුතු කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න ඉතා ප්‍රශ්ණකාරිය.
මිගමුවේ දේශපාලන අධිකාරියේ පාලනය භාරව සිටින දේශපාලකයන් බහුතරයක් නිසි උගත්කමක් හෝ පරිචයක් නැති නිකමුන් පිරිසකි.
මිගමුවේ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරියට තුන්වෙනි පංතියේ අයෙකි.
මාරු කර යවා ඇත්තේ සුප්‍රා ශ්‍රේණියේ ගණකාධිකාරිවරියකි.
අඩු උගත්කම් ඇති අය ඉහල උගත්කම් සහිත අයට ඊෂ්‍යා කරන බව හැම තැනකදිම දකින්නට ඇති පොදු සත්‍යතාවයක් බවට පත්වෙමින් තිබේ.