ගබ්සාව ට පල්ලිය විරුද්ධ වුනත් ,මීගමුවේ පල්ලි 5 ක් මැද්දේ ගබ්සා තිප්පොලක් ?

0
96
අක්කර 50 ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය

ගබ්සාවට ලංකාවේ කතෝලික පල්ලිය විරුද්ධය.කිතුණු බහුතරයක් සිටින මීගමුව වැනි කලාපය මේ විරෝධය ප්‍රයෝගියකව ක්‍රියාවට නැගෙන්නේ කෙසේදැයි අප නොදනිමු.
ඉතාමත් ප්‍රයෝගික තත්වයන් යටතේ ගබ්සාවක් කිරිමට ඉඩ ලබාදිමේ අවශ්‍යතාවය පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් දැනටමත් රජයට යෝජනා කර තිබුණද පල්ලියද ඇතුළු සුචරිතවාදින් එයට බරපතල විරෝධයක් දක්වා තිබුණි.
මේ නිසාම ඉතාමත් අනාරක්ෂිත ආකාරයේ ගබ්සා කිරිම් රටපුරා ඉතා අධික මිළ ගණන් යටතේ ක්‍රියාත්මකය.
අපට ඇති බරපතලම ගැටළු වන්නේ තම සිරුරේ අයිතිය කාන්තාවන්ගෙන් උදුරාගෙන ඇතැම් ආයතනයන් වෙත පමණක් පවරා තබාගතහැකිද යන ගැටළුවයි.
තතු මෙසේව තිබියදි තරුණයන් වෙත සුඩොල් අලෙවි කිරිමේ යෙදුන ව්‍යාජ වෛද්‍යවරයෙකුද ගබ්සාව ජයටම කරගෙන ගිය ආකාරය දැනට කලකට ඉහතදි අප විසින් කරුණු සහිතවම හෙළිදරව් කර සිටියෙමු.

අක්කර 50 ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය

ඔහු එකල අක්කර 50 ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු යැයි කියමින් වෛද්‍ය රසායානාගාර සදහා මල.මුත්‍ර සහ ලේ සාම්පල එකතු කරනා බද දැනුම් දුන් පුවරුද සමගින් මේ සියළු අයථා කටයුතු සිදුකරගෙන යමින් තිබුණි.

ව්‍යාජ පුවරුවක්

පසුගිය කාලයේ පොලිසියේ මැදිහත්විමෙන් අත්අඩංගුවට ගැණුනු ඔහු කලක් බන්ධනගාරගතව සිටියේය.
පසුව ඔහු අක්කර 50 ප්‍රදේශය අතහැර පැමිණ මීගමුව දෙහිමල්ලවත්ත ප්‍රදේශයෙන් නිවසක් මිලට ගෙන තිබුණි.
දැන් මේ ස්ථානයේ ඔහු විසින් ජයටම ගබ්සා කටයුතු කරගෙන යමින් සිටින බව වාර්ථා වේ.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ මීගමුවේ ප්‍රධානදේවස්ථානයක් 5 මැදය .තිල්ලන්දුව.කඩොල්කැලේ,වැල්ලවීදිය,මහවීදිය,සහ තම්මිට යන ප්‍රදේශයන්හි දේවස්ථාන 5 ක් වේ.