ගමක් තුළ ලයිසන් නොමැති තානායමක් පවත්වාගෙන යාමට දිරි දෙන්නේ කවුරුන්ද ?

0
74
????????????????????????????????????

????????????????????????????????????

ඊයේ (24) මීගමුව – තලාදූව පාරේ ජනතාව එක්ව විරෝධතා පැවැත්වූ CH නැමති තානායමේ හිමිකරුවා මෙම සමාජ විරෝධි ව්‍යාපාරය නතර කරන බවට මීගමුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු ඉදිරියේ පොරොන්දු වූ බව ප්‍රදේශවාසීන් පවසයි. තලාදූව ගම්වාසින් පවුල් 50ක් පමණ ගොස් මීගමුව පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ බවත්,මීගමුව නාගරික කොමසාරිස්වරයාට ද මීගමුව සම්බන්ධීකරණ කමිටුවේදී ද මේ ප්‍රශ්නය මතුකළ බවත් ඔවුන් පවසති. මෙම CH තානායම   පවත්වාගෙන යාමට  දැනට වසර දෙකක පමණ සිට බලපත්‍ර නොමැති බවත් මේ සම්බන්ධයෙන් මීගමුව නාගරික කොමසාරිස්වරයාට  යොමුකළ විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම ස්ථානයට  අවසර නොදුන්නහොත් මෙම පුද්ගලයා මානව හිමිකම් නඩුවක් ගොණු කළ හැකි බවයි.
තලාදූව පාරේ මෙම තානායම පවත්වාගෙන යාමට විරුද්ධව ක්‍රියාකරන ගම්වාසින් විමසා සිටින්නේ ජනාධිපතිවරයාට පවා මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් මේ වනතෙක් ඉන් කිසිදු පලක් සිදුවී නොමැති  නම් ප්‍රදේශවාසීන් ලස කළ හැක්කේ තවත් කුමක්ද යන්නයි.
ඊයේ පෙරවරුවේ පැවති විරෝධතාවය ට පැමිනි මීගමුව පොලීසියේ නිළධාරියෙකු ප්‍රදේශවාසීන් අමතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන්  පැමිණිල්ලක් මීගමුව නාගරික කොමසාරිස්වරායට යොමු කරන බවයි.
මෙම තානායමේ හිමිකරු  කටුනායක ,කුරණ, දංකොටුවේද මෙවැනි තානායම්,වයින් ස්ටෝර්ස් වැනි ව්‍යාපාර 14ක පමණ පවත්වාගෙන යන  හිමිකරුවෙකු බව ප්‍රදේශවාසීන් පවසති.