මෙම තත්වය ගැන අප මීට පෙර අදාල වගකිවයුතු අය සමඟ කතාබහ කරමින් ලිපි කිහිපයක්ම අපගේ වෙබ් අඩවියේ පළ කළෙමු . මේගැන මීගමුව පොලීසියද ඉමහත් උනන්දුවකින් කටයුතු කළබව අප දනිමු . මාර්ග සංවර්ධන අධිකාරිය ප්රකාශකළේ මේ සඳහා සැලසුමක් ඉදිරිපත් කර ඇති බවයි . ඒ අනුව ඉක්මනින්ම විසඳුමක් ලැබෙන බවයි . නමුත් තවමත් කිසිදු වගකිවයුත්තෙකු මේ සම්බන්ධව මැදිහත්වීමක් කර නැත.
පසුගිය දිනවල පාලමේ එක පැත්තකින් ගල් දමා ගොඩකර තිබින . අප සතුටට පත්වූයේ පාලම හැදීමේ වැඩ අරඹා ඇතැයි සිතමින්ය. නමුත් විමසා බැලීමේදී එය ජලසම්පාදන මණ්ඩලය විසින් බට දැමීමට කළ ගොඩකිරීමක් බව ප්රදේශවාසීන් පැවසීය .
නමුත් අප නැවත අවධාරණය කරන්නේ එසේ ගොඩකර ඇති ප්රමාණයට හෝ පාලම විශාල කරන්නේ නම් එය ජනතාව වෙනුවෙන් කරන වැදගත් සේවයක් බවයි .