ගමමැද ඇටවූ මාළු කොම්පැණියෙන් ජනතාවට පීඩා…..

0
153

(10.20am)ලියනගේ මුල්ල පල්ලිය පාරේ යනවිට එහි හැරෙන්නට තිබෙන පළමු පාරවූ රණවිරු මාවතේ ඇති වෙන්දේසි වත්තේ පදිංචි ප්‍රදේශවාසීන්ට මේවනවිට පරිසර ප්‍රශ්ණයකට මුහුණදීමට සිදුවී ඇතිබව වාර්තා වේ. මෙම පරිසර ප්‍රශ්ණය ඇතිවී තිබෙන්නේ එහි ආරම්භ කර ඇති මාළු කොම්පැණියක් නිසාය. මෙම ආයතනයේ කපන මාළුවල කොටස් කපුටන් සහ බල්ලන් විසින් තැන්තැන්වල දැමීම නිසාත්, ප්‍රදේශය පුරා පවතින දුර්ගන්ධය නිසාත්, ප්‍රදේශ වාසීන් අපහසුතාවයට ලක්වී ඇති හෙයින් ඔවුන් මේ පිළිබදව සීදූව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත. අප මේපිළිබදව සීදූව පොලීසියෙ කුමාරදාස මහතාගෙන් විමසා සිටි අතර ඔහු ප්‍රකාශ කළේ මෙම ප්‍රදේශවාසීන් එවැනි පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත්, ඒ පිළිබදව සම්පූර්ණ විස්තර දන්නා අදාල නිලධාරි මහතා පොලීසියේ මේවනවිට නැති හෙයින් තමන් මේ ගැන විස්තර නොදන්නා බවයි.

කෙසේ නමුත් සීදූව නගරසභාවේ නගරාධිපති සරත් පීරිස් මහතා කියා සිටියේ ලබන ඉරිදා මේ ගැන සාකච්ඡාවක් ඉහතකී ගම් ප්‍රදේශයේදී පෙරවරු 11.00ට පැවැත්වෙන බැවින් තමන්ද ඊට සහභාගී වන බවය. fish 2