ගම්පහට කිරි ……..මීගමුවට කැකිරි …….?????

0
248

කොවිඩ් වසංගතය හමුවේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් මිලියන 4ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මැලිබන් ආයතනය මගින් ගම්පහ රෝහල වෙත පරිත්‍යාග කිරීම ඊයේ (09) එම රෝහලේදී සිදුවිය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් මැලිබන් ආයතනයේ සාමාන්‍යාධිකාරී මෙහෙයුම් බන්දුල පෙරේරා මහතාගේ සුරතින් ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා වෙත එම උපකරණ තොගය පරිත්‍යාග කරන ලදි.

පසුගියදා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින්ද රුපියල් ලක්ෂ 10 ක පරිත්‍යාගයක් ගම්පහ රෝහලට සිදුකර තිබුණි.

තතු එසේව තිබියදි මිගමුව රෝහලේ අර්බුද රැසකි.

මියගිය අයෙකුටවත් නිසි ගෞරවයක් ලබාදිමට හෝ නොහැකි අයුරින් මෘත ශරිර කුණුවි දුගද හමන තත්වයක ඇතිව තිබේ.මිගමුව මෘත ශරිරාගාරයේ දැනට ඇත්තේ ශිතකරණයක් වෙනුවට ඇත්තේ මාළු පටවන ලොරි රථවල ඇති ආකාරයේ එකකි.

මීගමුව රෝහලෙන් හම්බකරන් කෑමට රැසක් සිටියදි එයට ඇත්තටම ආදරය කරමින් එය ගොඩනැගිමට දායකත්වය දිමට සුදානම් පිරිසක් නැත. මිගමුව රෝහල් කමිටුවේ හදවත් ඇති මිනිසුන් ගැහැණුන් පිරිසක් දැඩි මහන්සියක ගනිමින් රෝහල් සංවර්ධනය කරගැනිමට අරගලයක් කරමින් සිටිති.
එහෙත් මිගමුවේ හෝ අවට දේශපාලකයන් මිගමුවෙ රෝහලට නිරන්තරයෙන්ම කුඩම්මාගේ සැලකිලි දක්වමින් සිටිති