ගම්පහ කොඩිඩ් අවධානම ඉහලට. ! බ්‍රැන්ඩික්ස් කම්හලක් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට. !

0
84

ගතවූ පැය 24 ක කාලය තුල  අද උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති ආසාදිතයින් ගණන 243 දෙනෙකු හමුව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කර තිබේ

මින් වැඩිම ආසාදිතයින් වාර්තා වි තිබුනේ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි .ඒ 31 කක් ලෙසින්ය  , ගම්පහ  – 30 ක් , වත්තල  – 29 ක්, දොම්පෙ  සහ රාගම කොට්ඨාසයන්ගෙන්  23  බැගින්ද ,  මහර  – 22 ක් ,  වශයෙන් හමුව ඇති බව අධ්‍යක්ෂවරයා සදහන් කර ඇත

ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 4780 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා , ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයෙහි පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් 454 ක් පිරී ඇති බවද කීය. 

පවතින තත්වය හමුව් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම පිනිස සීදූවේ පිහිටි බ්රැන්ඩික්ස් සමාගමට අයත්  ඇගළුම් කම්හලක් යුධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන්  අවශ්‍ය ලෙස සකස් කිරීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසා ඇතැයි අද වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
මෙහි ඇදන් 750 ක් යෙදිය හැකි ලෙසින් සකස් කෙරෙමින් පවතින බවද ඔහු පවසා තිබුණි

මේ අතර ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබුනේ ගම්පහ දුම්රියපොළ  ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් – 19 ආසාදිත වී ඇතැයි  සෞඛ්‍ය අංශ  පවසන බවය.