ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින්ගේ වැඩිවිමක් ? දිවුලපිටියෙන් රෝගීන් 35 ක් !

0
73

divulapitiya PHI(7.30 am ) ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයන් හමුවී මේ යම් වැඩිවීමක් පසුගියදා  (30) වාර්තා වී තිබේ.

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් හමුවීම සැලකියයුතු අඩුවීමක් දක්නට ලැබුනත් ඊයේ දිනයේ ආසාදිතයන් 130ත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කොවිඩ් වසංගතය රට තුළ පැතිරයාම ආරම්භ කළ පළමු රැල්ලේ සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 5,865කි.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් ගණන 6,309ක් වන අතර කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම්කරන 545 දෙනෙකුද රෝහල්වල ප්‍රතිකාර ලබති.

දිවුලපිටිය මහජන සෞඛ්‍යය නිළධාරි කාර්යාල බලප්‍රදේශය තුල පසුගිය 30 දින කොරෝනා රෝගීන් 35 දෙනෙකු හමු වි ඇති අතර එම පිරිස අතරින්  දිවුලපිටිය කටුවැල්ලේගම පිහිටි නව කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු  වි ඇත
ඒ අනුව දිවුලපිටිය මහජන සෞඛ්‍යය නිළධාරින් දිවුලපිටිය කටුවැල්ලේගම පිහිටි නව කර්මාන්ත ශාලාෙවි සෞඛ්‍යය තත්වය සොයා බැලීමක්ද සිදු කෙරුනි
අතර හමු වු කොරෝනා රෝගින් ගේ අග්‍රිතයින් 15 දෙනෙකු නිරා්ධායනය සදහා කටයුතු යොමු කර ඇති බව එහිදී දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක කුලරත්න මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටි අතර මෙසේ දිවුලපිටියෙන් හදුනාගනු ලැබු 35 දෙනාගෙන් 20 දෙනෙකුගේ මුලාශ්‍රයන් සොයා ගැනිම ගැන ගැටළුවක් ඇතිව තිබෙන බවද පවසන්නට යෙදුණි

ඡායා- ප්‍රියපේම මාණික්කරත්න