ගම්පහ දිස්ත්‍රික් එන්නත්කරණය දේශපාලනීකරණය වෙලා !

0
112

එන්නත්කරණය දේශපාලනීකරණය වි ඇති අයුරු ගැන දැන් රටපුරාම පුලුල් කථා බහක් නිර්මාණය වි තිබේ.
පසුගියදා ගම්පහ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේව සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන දේශපාලණිකරයට පත්ව ඇති බවය.එමෙන්ම ලොක්ඩවුන් කරඇති ප්‍රදේශවල ජනයා හට ආහාර මල්ලක් පවා දිමට රජය අපොහොසත්ව ඇතැයි චෝදනා කර සිටියේය.

කටුනායක සහ බියගම නිදහස් වෙළද කලාපවල සේවක සේවිකාවන් දැඩි අවදානමකට පත්ව සිටින බවත් ඔවුන්ගේ PCR පරික්ෂණ විධිමත් අයුරින් සිදුනොකෙරෙන බවත් කියා සිටියේය.

මේ නිසාම මේ කර්මාන්ත ශාල මුල්කොට ගෙන කොරෝනා රැල්ලක් ඇතිවිමේ අවදානමක් මතුව අතැයිදි මහින්ද ජයසිංහ අවධාරණය කර සිටියේය