ගම්පහ දිස්ත්‍රික් නායකයා ප්‍රසන්න රණතුංග ….

0
56

prasann rබස්නාහිර පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කිරිමත් සමගින් මුළු ගම්පහ දිස්ත්‍රික් නගරය පුරාම දැවැන්ත පෝස්ටර ව්‍යාපාරයක දියත් කර තිබුණි.
ඒ හිටපු ඇමති නිමල් ලංසා විසිනි.
එහි සදහන් වුයේ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකයා ලෙසිනි. එනම් ගම්පහ දිස්ත්‍රික්කයෙක් ප්‍රධානියා ඔහු යන අදහස මතුකර පෙන්වාලිමටය.
එහෙත් දැන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයම නිමල් ලංසාට පාරාවලල්ලක් වි තිබේ.
ඒ ජනාධිපතිවරයා විසින් හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාව ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙසින් පත් කිරිමත් සමගය.
මෙයට අමතරව බස්නාහිර පළාත් සභාව සඳහා ප්‍රධාන දිස්ත්‍රික්කය වන කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස පළමුවරට වෙනත් පක්ෂයක පුද්ගලයෙක් තෝරා ගෙන ඇත. ඒ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල ය.

, කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස ජගත් අංගගේ ද නම්කර තිබේ.