ගම්පහ සතිපොළ වසාදමයි !අලව්වේ සති පොළෙන් ආසාදිතයන් 44 ක් !

0
245

අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගත් බව වාර්තා වේ.

අලව්ව සතිපොළ වෙළෙඳුන් හා ආශ්‍රිතයින් 300කට පසුගිය 30 වන දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් සතිපොළේ කොරෝනා ආසාදිත වෙළඳුන් ඇතුළු 44 දෙනෙකු හඳුනාගෙන ඇත.

හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත්, ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ඉදිරි නිරෝධායනට කටයුතු කරන බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. හේරත් මහත්මිය පවසයි

මේ අතර ගම්පහ ඇති අවධානම ගැන කියන තවත් කථාවක් ගම්පහ පොදු වෙළඳ පොලෙන් වාර්තා වි තිබුණි.
එනම් එහි වෙළඳුන් 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කර තිබිමත් සමගින්ය.
ඒ අනුව මේ වන විට සතිපොළ තාවකාලිකව වසා දමා තිබේ