ගම්වැසියන්ගේ ශාපය මැද අසරණ දරු පවුලකගේ පැල්පත කැඩු මිල්ටන්ලා .???(විඩියෝ )

0
567
අධිකරණ නියෝගයක් ලබාගෙන තාවකාලි පැල්පත පවා කඩා දමන මිල්ටන්ලා

පෝට් සිටි ව්‍යාපෘතිය නිසා සිදුවු වෙරළ ඛාදනය හේතුවෙන් තමන්ටම කියා තිබු එකම් නිවස අහිමිවු සුජිත් සිය දරුවන් 4 දෙනා සහ බිරිඳ සමගින් කුඩා ගඟ අසල කුඩා පැල්පතක් අටවාගෙන තිබුණේ වෙනත් යා හැකි තැනක් ඔවුන් වෙත නොතිබු නිසාය.
පැවැති අවධානම් තත්වය නිසාම වෙරළ සංරක්ෂණය විසින් සුජිත් හට ලිඛිතව දැනුම් දි තිබුනේ මීගමුව දූව මෝරවල අසල පිහිටි සිය නිවසින් ඉවත් වන ලෙසය.

වෙරළ ඛාදනය නිසා සුජිත්ට අහිමිව ගිය නිවස

රජයේ බලධාරින් සුජිත්ව තවත් අසරණ කරයි


එහෙත් රජයේ බලධාරින් සුජිත්ගේ පවුලට වසන්නට ඉඩමක් ලබාදිමට අවැසි පියවර ගෙන තිබුනේ නැත.
වෙරළ සංරක්ෂණය මෙන්ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයද ඒ වගකිම පැහැර හැර තිබුණි.පසුගිය ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදිද මේ ප්‍රශ්ණය මතුවු අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්තුමිය ප්‍රකාශ කර තිබුනේ ඉඩම් සොයා දෙනබවය.රාජ්‍ය ඇමති නිමල් ලංසා එහිදි කියා තිබුනේ මේ පවුලට ඉඩමක් හිමිවිය යුතු බවත් ඊට පියවර ගන්නා ලෙසත්ය.

ප්‍රාදේශිය ලේකම්ලා බෝල පාස් කරයි


එහෙත් සුජිත්ලා එහි ගිය පසු සුපුරුදු බෝල පාස් කිරිම මිස කිසිදු සාර්ථක පිළිතුරක් ලැබි තිබුනේ නැත.
මේ පසුබිම තුල ගමේ ධිවර සමිතියක් නියෝජනය කරන මිල්ටන් නැමැත්තෙකුගේ මුලිකත්වය යටතේ මේ පවුල විසින් අටවාගෙන සිටින කුඩා පැල්පතට එරෙහිව පැමිණිල්ලක් දමා තිබුණ බව සුජිත් මෙන්ම නාගරික් මන්ත්‍රි සංගීත්ද මාධ්‍ය හමුවේ පසුගිදා පවසා තිබුණි.
පසුගිය දිනක ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක් කළ වෙරළ සංරක්ෂණයේ ප්‍රධානියෙකු කියා සිටියේ පැමිණිල්ල කර තිබුනේ තෙවෙනි පාර්ශවයක් විසින් බවය

සුජිත්ගේ පැල්පත කඩාදැමිමට වෙරළ සංරක්ෂණයත් උනන්දුව වු හැටි

ඒ ගැන ක්‍රියාත්මක වු වෙරළ සංරක්ෂන නිළධාරින් විසින් අධිකරණයේ ගොනු කරන ලද පැමිණිල්ල හේතුවෙන් මේ පැල්පත කඩා දැමිමට නියෝග ලබාගෙන තිබුණි.

මිගමුවේ සිය ගණනක් දැවැන්ත අනවසර ඉදිකිරිම් තිබියදී වෙරළ සංරක්ෂණයත් වඩාත් උද්යෝගයෙන් යුතුව කටයුතු කරමින් මේ අසරණ පවුල ඉවත් කිරිමේ නඩුවට අවැසි කටයුතු සිදුකර තිබුණ බව පැහැදිලිය
අධිකරණ නියෝගය ලැබෙන්නේ ඒ අනුවය

වියරු වැටුන මිල්ටන්ලා පිස්සකල් ඉදිරියේ හැසිරුනු හැටි


එය කඩාදැමිමට පිස්කල්ලා පැමිණ සිටි පසුබිමක මේ පැමිණිල්ල දැමු ධිවර සමිතියක මිල්ටන් නැමැත්තෙකු විසින්ම නාරසනයක් සහ පිහියක් ඇතැතිව කිසිදු හිතක් පපුවක් නැති අයෙකු මෙන් වියරුවෙන් මෙන් මේ පැල්පත විනාඩි කිපයකදි බිමට සමතලා කළේ ගැම්වැසියන්ගේ හැඩුම් සහ ශාප මැද්දේය.


නඩු දැමුවේ ධිවර සමිතියකින් යැයි කිවද සැබැවින්ම වියරුවෙන් මෙන් මේ පැල්පත කැඩු මිල්ටන්ගේ සහයට පැමිණ තිබුනේ ඔහුගේ ඥාාති පුතෙකු පමණි.ඉන් කියැවුනේ කුමක්ද?

සැබැවින්ම මේ අසරණ පවුල විසින් අටවා ගෙන සිටි පැල්පත ඉවත් කිරිමේ උවමනාව පිටිපසු ඇති න්‍යාය පත්‍රය කුමක්ද ?

කව්රුන් හෝ අනවසර ඉදිකිරිමක් කර තිබෙන්නේ නම් එයට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. එහෙත් එය සැමට පොදුවිය යුතුය.සමාන විය යුුතුය
සුජිත්ගේ ගැටළුව වන්නේ ඔහු වෙරළ ඛාදනය නිසා අවතැන්ව සිටින අයෙකි
ඔහුට තැනක් ලබාදිමට උනන්දුවිම අදාල රජයේ නිළධාරින්ගේ වගකිමකි.
එහෙත් එය සිදුනොවිම පරිපාලන අධිකාරියේ ආකර්යක්ෂම බව යළිත් පැහැදිලිව ඔප්පු කර සිටි අවස්ථාවක් විය.
රජයේ නිළධාරින් අතරද හදවත් ඇත්තෝ සිටින බව මේ අවස්ථාවට පැමිණ සිටි අධිකරණ නිළධාරිණියගෙන්ම ඔප්පු විය.ඇයද පැත්තකට වි සාරි පොටින් කදුළු පිසදාගන්නා අයුරු අපද නිරික්ෂණය කලෙමු.
හදවතක් ඇති අයගේ ඇස්වලට කඳුළු ගලද්දි මිල්ටන්ලා සිය වියරු මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරගෙන ගියේය.
සැබැවින්ම එය අධිකරණ නියෝගයක් වු බැවින් රැස්ව සිටි ඒ ගමේ හැඩිදැඩි පිරිමින් පමණක් නොව ගැහැණුන්ද නිහඩව වැලපුන හදවකින් මිල්ටන්ලාගේ වියුරුව දෙස උපේක්ෂාවෙන් බලා සිටියෝය.ඒ අධිකරණ නියෝගයට ගරු කරමිනි. එකඟ වෙමිනි.
එහෙත් මේ කැඩිල්ලේ තිබුන තිරිසන් ආකාරය සැබැවින්ම හදකම්පා කරවන තත්වයකි

මිගමුවේ අනවසර තඩි බිල්ඩින් කඩා දැමිමට වෙරළ සංරක්ෂණය කටයුතු කරන්නේ කවදාද ?

මිගමුවේ 300 ගාණක් අනවසර ඉදිරිකිරිම් මිට වසර කිපයකට පෙර සිටිම තිබියදි මේ පැල්පත ගැන ලද පැමිණිල්ලට උද්යෝගයෙන් කටයුතු කළ වෙරළ සංරක්ෂණ නිළධාරින් ගැන ගම්මුන් තුල වුයේ සැබැවින්ම පිළිකුලකි. මේ ඇතැම් නිළධාරින් බඩජාරි හැසිරිම් ගැනද ගම්මුන් මාධ්‍ය හමුවේ අද ප්‍රසිද්ධියේම පවසා සිටියහ
පැල්පතක ගුලිවි විසු මේ අසරණ පවුලට දැන් ඉන්නට සිද්ධ වි ඇත්තේ ඉටිකොලයක් යටය.

එහෙත් සිය ගණන් අනවසර ඉදිකිරිම් ඇතුලට වි සුරසැප විදින සල්ලිකාරයන් සුවසේ රැයවල් පහන් කරති.

වෙරළ සංරක්ෂණ ලොක්කන් මිල්ටන්ලාගේ නාරාසනය රැගෙන මේ අනවසර බිල්ඩින් කඩන්නට යන දවස ගැන අපි අද සිටි ඇගිලි ගණිමින් සිටිමු

මිල්ටන්ලා විසින් මහපාරට ඇද දැමු අහිංසක දරුපවුල …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here