ගමෙන් ඇගයුම් ලබන සුනිල් කොස්තා !

0
407

sunil 4කඳවල මුල්කොට ගත් සුනිල් කොස්තා අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නම් තැබු නිර්මාණකරුවෙකි.ටීටර්,වේදිකා නාට්‍ය පමණක් නොව සිංහල සිනමාවටද තිඹිරි ගෙයක් වු මිගමුව ඔහු සිය කලාකුසලතාවන් ඔප්නංවා ගනිමින් තරුණ නාට්‍යකරුවන් රැසක් කලාලෝකයට බිහිකරන්නට මං හෙළි පෙහෙළි කළ නිර්මාණකරුවෙකුද වෙයි.
මීගමුව සමාජයට යුක්තියේ සාධාරණත්වයේ මංසලකුණනු තබන්නට මුල්වන එවකට සමස්ත කිතුණු සභාවේම ඉතාමත් ප්‍රගතිශිලි කතෝලික පියවරුන්ගේද සහෘද අශිර්වාදය ලබන්නටද සුනිල් කොස්තා නම් වු නිර්මාණකරුවාට හැකිවිය. සමාජ ක්‍රියාකාරින් රැසකට මහගෙදර වු පරණ හලාවත පාරේ ක්‍රිස්තු නිවස සුනිල් කොස්තා මෙන්ම නිර්මාණකරුවන් රැසකට එදා සෙවන දුන් තැනක් විය.
ඉන් ඉක්බිතිව ජාතික තලයට පිවිසෙන සුනිල් කොස්තා ටෙලි නිර්මාණකරණයේ සලකුණු තබන අසිරිමත් නිර්මාණ රැසක් බිහිකරන්නටත් සම්මාන පිට සම්මාන ලබන්නටත් පටන් ගනියි.
සිරි සිරිමල් ,රෝද හතරේ මනමාලයා එවකට කාගේත් නිබද කථාබහට ලක්වු නිවසේ සැම එකට එක්ව අමතක නොකොට නැරඹු ටෙලි සිත්තම් විය.
පවුලේ සැමට එකට හිද නැරඹිය හැකි තවත් අපුරු නිර්මාණ රැසක් සාලයට කැදවාගෙන එන්නට නම් තැබු නිර්මාණකරුවන් අතර සුනිල් කොස්තා ඉදිරියෙන්ම සිටියේය.
සුදු ඇදගෙන කළු ඇවිදින් සුනිල්ගේ නිර්මාණ ජිවිතයේ තවත් හැරවුම් ලක්ෂයකි.
එහි අපුර්යත්වය අදටත් විඳිති.
මේ අගනා ටෙලි සිත්තම් අපට දායද කළ  රටේම ඇගයුමට ලක්වු ඒ අපුරු මිනිසාට, සැබෑ ගංකාරයාට අද ගම්මු එක්වි උපහාර පිදිමට කටයුතු සුදානම් කොට තිබේ.
සුනිල් කොස්තා නිර්මාණාවලෝකනය යැයි ඔවුන් එයට නම් තබා ඇත.