ඔබේ පවුලේ විස්තර කොහොමද?
අපි උපන්නෙ පවුල් 40ක් පමණ සිටින අඹන්විට කියන පොඩි ගමේ. මේ ගම පිහිටල තියෙන්නෙ ගම්පහ. අපේ තාත්ත වෙල්ගමගේ සිමියොන් පෙරේරා. අම්ම ජයලත් බලගල්ලගේ එමලියානා ඩයස්. මට සහෝදරවරු 3ක් සහ සහෝදරියන් 3ක් හිටිය. මේ 6දෙනාගෙන් 4දෙනෙක් ගුරුවරු. අපේ තාත්ත කුඹුරු ගොව්තැන කළා. අත්තනගලු ඔය අපේ ගෙදරට ලඟයි.අපි පොඩිකාලෙ තාත්ත විසිදැල ගහල අත්තනගළු ඔයේ මාළු අල්ලනව. ඒ නිසා අපිට මාළු වලින් අඩුවක් තිබුනෙ නෑ. තාත්ත රස්සාවකළේ පෙරකදෝරුවෙක් ලග ඔප්පු ලියන එක. ඒනිසා අපේ තාත්තගෙ අත් අකුරු ලස්සනයි. ඒ හැකියාව අපේ ගෙදර හැමදෙනාටම තිබුන. තාත්තට ලොකු පඩියක් ලැබුනෙ නෑ. ඒ වුනාට අම්ම සියළු දේවල් පිරිමහගෙන දරුවො 6දෙනෙක් නඩත්තු කළා.
මට ඉන්නෙ දුවල දෙන්නෙක්. එක්කෙනෙක් කැළණිය විශ්වවිද්‍යාෙල වානිජවේදී විෂය කළා.
අනිත් එක්කෙනා කොළඹ විශ්වවිද්‍යාෙල නීති උපාධිය කළා. මට ඒ දවස්වල දරුවන්ගෙ වැඩ බලන්න වෙලාවක් නෑ. ඒ වගේම මට උදේ 7.00ට කන්න ඕන. නෝන තමයි ඒව සියල්ල අඩුවක් නැතිව කළේ. 96න් පස්සෙ තමයි ඉලක්කම් හතරෙ පඩියක් ලැබුනෙ. මගෙ නෝන නිසා සියල්ල පිරිමහගෙන කරන්න පුළුවන් වුනා. එයා රස්සාවක් නොකළ නිසා ඒක ලොකු පහසුවක් වුනා.
වෘත්තීය ජීවිතය කොහෙමද?
1963 දී මම ශිෂ්‍යගුරු විභාගයෙන් සමත්වුනා. 1964 පෙබරවාරි 3 ගුරු පත්වීම ලැබුන මාබිම විද්‍යාලංකාර විද්‍යාලයට. ගුරුපුහුණුව සදහා 1967 දි බෝලවලාන ගුරුඅභා්‍යාස විද්‍යාලයට යනව. 1969 හම්බන්තොට වීරකැටිය හිගුරමුලන විදුහලට යනව. ඒ ස්කෝලෙදි විවිධ සමාජ කටයුතුවලට සම්බන්ධ වුනා. රුහුණු පුත්තු කියල තරුණ සංවිධානයක් හැදුව.ඒකෙ සභාපති මම. ඊට පස්සෙ පමුණුගම මහ විද්‍යාෙලට ආව. අවුරුදු 2ක් පමුණුගම මහවිද්‍යාෙල තමයි වැඩකළේ. 1974 නැවත කුරුණෑගල නාරම්මල කනිෂ්ඨ විද්‍යාෙල වැඩකළා 1976දක්වා. 1977 මිනුවන්ගොඩ තම්ම්ට කනිෂ්ඨ විද්‍යාෙල වැඩකරල නැවත 1980 දි මීගමුවටම ආව. 2001 දක්වා මෙහෙ තමයි වැඩකළේ. ඒ අතරතුර පිටිපනට මාරුකළත් දින3යි හිටියෙ.
සාහිත්‍ය කලා කටයුතු කොහොමද?
මම ඒදවස්වල රුසියන් පරිවර්තන තමයි වැඩියෙන් කියෙව්වෙ. කවිලිව්ව . සංගිතයත් කලා. රෝහන බැද්දගේ වගේ කලාකාරයින්ට කැමතියි. ඇත්ත පත්තරේට සම්බන්ධවෙල ලිපි සහ කවි ලිව්ව. ඥානාර්ථ ප්‍රදීප පත්තරේටත් ලිව්ව. මට ගොක්කලාවත් ටිකක් පුළුවන්. මංඩප්ප, පොඩි තොරන්, සේසත් වගේ ගොක්කොළ වලින් කරන සැරසිලි වලට දන්න අය එනවඒ වගේ දේවල් කරගන්න මාව හම්බවෙන්න. සමහර උත්සව ආදියට මම ඒවගේ නිර්මාණ වැඩ කරනව. ඇත්ත පත්තරේ ගත්ත ගමන් කියවන්නෙ කතුවැකිය.
සමාජ සහ දේශපාලන කටයුතුවලට සම්බන්ධවෙන්නෙ කොහොමද?
අපි ඒදවස්වල විවිධ සංවිධාන සමග වැඩ කළා. අරගලවලට සම්බන්ධ වුනා. ගෙදර වැඩ ගැන ලොකු බරක් තිබුනෙ නෑ. ලොකු අරමුණු තිබුනෙ නෑ කාර්බාර් වලින් යන්න වගේ. පාපැදියෙන් තමයි ස්කෝලෙ ගියෙ. පස්සෙ නෝනට ලැබුනු සල්ලි වලින් මෝටර් බයිසිකලයක් ගත්ත. මීගමුවට ආවට පස්සෙ මුලින්ම හම්බවුනේ නව සමසමාජ පක්ෂෙ සහෝදරවරු. ඒ අයත් එක්ක වැඩටිකක් කළා. කොහොමත් අපි වමට බර මිනිස්සුනෙ. මීගමුව කියන්නෙ විශේෂ නගරයක්. විවිධ ජාතීන් ඉන්නව. ගමේ අපි හිටපු තැන එක දෙමළ කඩයයි තිබුනෙ. මීගමුව සංහල, දෙමළ, මුස්ලිම් ,බර්ගර් සියළුදෙනා එක්ක එකට ජීවත් වෙන නගරයක්. අපි වමේ අදහස් ඇතිව වැඩකළ නිසා යම් පිළිගැනීමකුත් සමාජය ඇතුලෙ තිබුනා. 1980 වර්ජනේදි අපේ වර්ජනයට මැදිහත් වෙල රස්සාවල් අහිමිවෙච්ච අය සමග විවිධ ආර්ථික වැඩවලටත් මම සම්බන්ධවුනා.. අපි ඉල්ලුවෙ රු. 300/කින්පඩිවැඩි කරන්න කියලයි. ඒ කියන්නෙ දවසකට රු. 10යයි. ඒ වුනාට ජේ. ආර් රු. 25000/ කින් තමන්ගෙ පඩිය වැඩිකරගත්ත. ඒ අනව තමයි අපි සංවිධානයවෙල ජනාවබෝධකේන්ද්‍රෙය කට්ටියත් එක්ක පෝස්ටරයකුත් ඇලෙව්වෙ.ඒ වෙලාවෙ අපේ 10ක් විතර පොලිස් අත්අඩංගුවට ගත්ත. අපි දවසක් කූඩුව ඇතුලෙ හිටිය.
බදුගෙවන්නන්ගේ සංගමයෙ මම සභාපති ලෙස අවුරුද්දක් වැඩකළා. ඒ කාළෙ අපි උත්සාහ කළේ මේ සංගමය ශක්තිමත්ව ගොඩනගන්නයි. නමුත් හැමදාම අඩුපාඩු සහිතව තමයි මෙහි වැඩකටයුතු සිදුවුනේ. වරිපනම් වැඩිකිරීමට එරෙහිව අපි විවිධ ක්‍රියාකාරීත්වයන්ට යොමුවුනා. මම යෝජනාවක් ගෙනාව මීගමුවෙ සියළු සිවිල් සංවිධාන එකතුකරල එක සංවිධාන ව්‍යුහයක් හදන්න.නමුත් ඒකට සමහරු කැමති වුනේ නෑ. ඒදවස්වල තලාදූව පාරෙ තිබුනු මස් මඩුව නිසා මේ ප්‍රද්ශයේ ජනතාවට ගොඩක් ප්‍රශ්ණ මතුවෙල තිබුන. නගරසභාවෙන් තමයි ඒක කරගෙන ගියෙ. බල්ලො කපුටො මස් කෑලි එහෙ මෙහෙ තියාගෙන කනව. ඒ කිට්ටුව සෑහෙන්න ගදයි. අපි මේ මස් මඩුව නතරකරන්න සෑහෙන්න අරගල කළා. තලාදූව සුභසාධන සමීතියෙන් තමයි මේ සදහා වැඩකළේ. ප්‍රෙද්ශයේ විවිධ ප්‍රශ්ණවලට මැදිහත්වූ මේ සමීතියේ සභාපති ලෙස මමකටයුතු කළා.
නගරයේ සංවර්ධනය ගැන ඔබේ අදහස….
මීගමුව කියන්නෙ සම්පත්වලින් පිරුනු නගරයක්. මෙහෙ අල්ලන මාළු හරියට කලමණාකරණය කළොත් හොද මාළු ටිකක් හැමෝටම කන්න පුළුවන් . හොද ශීතාගාර පහසුකම් ඇතිකරල, මාළු ටින් කරන කර්මාන්ත ඇතිකරල සෑහෙන දියුණුවක් ලබන්න පුළුවන්. මීගමු මාළු වලට ගම්ප්‍රෙද්ශවල අය හුගක් කැමතියි. හැමිල්ටන් ඇල සංචාරක ව්‍යාපාරය පැත්තෙන් යොදාගන්න පුළුවන් මාර්ගයක්. මේ ඇල දියුණු කරන්න ඕලන්ද රට වුනත් කැමති වේවි ආධාර කරන්න.
ස්කෝල ගැන කිව්වොත් අඩු දියුණු ස්කෝල නගාසිටුවන්න වැඩපිළිවෙලක් හදන්නපුළුවන්. මේසදහා පාලකයො සැබෑ වුවමනාවකින් මැදිහත් වෙන්න ඕනෙ. උදාහරණයක් වශයෙන් තිල්ලන්දූව ගන්න පුළුවන්. මේ ස්කෝලෙට තියෙනව අක්කර 3ක විතර පිට්ටනියක් . නමුත් ළමයි 200ක්වත් නෑ. ශාන්ත පීතර විද්‍යාෙලට පිට්ටනියක් නෑ, ශාන්ත මරියා විදුහලටත් නෑ, අසිරිමත් දේවමාතා විදුහලටත් නෑ. ස්කෝල දෙක තුනක් එකට සම්බන්ධ කළොත් තිල්ලන්දූව ස්කෝලෙත් සම්බන්ධ කරගෙන යම් දියුණුවක් ඇතිකරගන්න පුළුවන්. මේ නිසා මේ සදහා වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. මොකද මීගමුව ක්‍රීඩා අතින් දියුණු කරන්න පුළුවන් තැනක්, මෙහෙ හොද වොලිබෝල් කණ්ඩායමක් හිටිය.
ගමේ උපන් හැදුනු වැඩුනු නිසා ගැමි ගතියද, වමේ ක්‍රියාකාරී වීම නිසා ලැබු දේශපාලන දැනුමද, සංගීතය, කවිය , සාහිත්‍ය වැනි දෑ තුළින් ඔහු සතුකරගත් විදගැනීමේ හැකියාව සහ මානව ගුනාංගද සහිතව තවමත් සමාජ මෙහෙවරෙහි යෙදෙන වෙල්ගම සර් මීගමුවට සම්පතකි. ඕනෑම සභාවක් තුළ තම අදහස් නොපැකිළව ඉදිරිපත් කරීමට ඔහු පසුබට නොවෙයි. පොදු වැඩ තුළ කරන කටයුතු ඉතා සතුටින් සහ ඒ පිළිබදව වගකීමෙන් කටයුතු කිරීම ඔහුසතු යහපත් ගුනාංගයකි. මේ සියල්ල ඔහු ගොඩනගාගත් දැක්මේ ප්‍රතිඵලය. ඒ දැක්ම ඔහු විසින් කරන ලද කාව්‍ය නිර්මාණ තුළින් හදුනා ගතහැක. අපි ඔහුට දිගු කාලයක් සමාජ මෙහෙවරෙහි යෙදෙන්නට ශක්තිය සහ ධෛර්්‍ය පතමු.
සටහන – සැම්සන් ඥානසිරි
–