ගමේ ආරක්ෂාවට දළුපත ප්‍රජාපොලිස් ඒකකයේ තරුණයන්ගෙන් රාත්‍රි මුරසංචාරක වැඩපිළිවෙලක් !

0
58

IMG-20190920-WA0059IMG-20190920-WA0063(9.15 am ) මීගමුව ප්‍රජා පොලිස් ඒකකයේ රැස්වීමක් සැප් ( 20 ) දළුපත දේවස්ථානයේ දහම් පාසැල් ගොඩනැගිල්ලේදී පැවැත්වින . මෙම අවස්ථාවට දළුපත දේවස්ථානයේ මීසම් පාලක ගරු , සරත් නිමල් අබේසිරිවර්ධන පියතුමා , මීගමුව පොලිස් ස්ථානාධිපති උදයකුමාර වුඩ්ලර් , මීගමුව ප්‍රජා ⁣පොලිස් ඒකකයේ ස්ථානාධිපති දසනායක යන මහත්වරුන් සහභාගිවිය .
මෙහිදී අදහස් දක්වමින් කතාකළ පියතුමා පවතින තත්වය මත ආරක්ෂාව මූලික වන බවත් , ඒ සඳහා විමසිල්ලෙන් සිටිය යුතුවාක් මෙන්ම හැකි සියළු දෙනා එක්විය යුතු බවත් ,පෙන්වා දෙන ලදී.
නමුත් සුළු දෙයටත් මිනිස්සු ඇවිස්සෙන බව පෙන්වන පියතුමා මේගැන කිසිදු ප්‍රචාරයක් ඇති නොවන ලෙස කටයුතු කළ බව ප්‍රකාශ කරන ලදී .IMG-20190920-WA0060
මීලඟට අදහස් දැක්වූ වුඩ්ලර් මහතා ප්‍රකාශකළේ සරණාගතයන් ගැන මැදිහත් වූ ආකාරයත් ,මේ වනවිට පිටස්තර අයගේ පැමිණීම නිසා ආරක්ෂාව ගැන වන අවධානය වැඩියෙන් තිබිය යුතු බව පෙන්වා දෙන ලදී.
විශේෂයෙන් දළුපත නීතිවිරෝධී සහ සමාජ විරෝධී දේවල් සිදුවන ප්‍රදේශයක් ලෙස ඒ සඳහා වන සැලකිලිමත් වීම දැඩිව තිබිය යුතු බවය.
මත්ද්‍රව්‍ය , සම්භාහන මධ්‍යස්ථාන , වෙනත් සමාජ විරෝධී ක්‍රියා නිසා මෙම ප්‍රජා පොලිස් ඒකකයේ තරුණ පිරිසක් රාත්‍රි මුර සංචාරක වැඩ පිළිවෙලකට යොමු වීම වැදගත් යැයි පැහැදිළි කරන ලදී .
ඒ සඳහා මෙහි සභාපති වන මාකස් මහතාට මැදිහත් වනලෙස අවධාරණය කරන ලදී.