ගමේ පාසැලක ක්‍රීඩා උළෙලක උරුමය රකිනා අරුමය දැක්කෙමි .!

0
58

IMG-20200129-WA0049IMG-20200129-WA0056

පාසැලක ක්‍රීඩා උත්සවයක් එතරම් සැළකියයුතු දෙයක් ලෙස ගතහැකි දෙයක් නොවේ. නමුත් සමහර දේවල් විශේෂ කොට සැළකියයුතු අවස්ථා ද ඇත . එවැනි අවස්ථාවක් පිළිබඳ සටහනක් තැබීමට අදහස් කළේ එහි වැදගත් කම සළකා ගෙනය.IMG-20200129-WA0058මීගමුව , දූව කනිෂ්ඨ විදුහලේ ක්‍රීඩා උත්සවයක් අද පැවැත්වෙන බව මා දැන ගත්තේ එම විදුහල අසලට වෙනත් කටයුත්තක් සඳහා ගිය අවස්ථාවකදීය. සිසු දරුවන් මෙන්ම ගුරුවරුන් , වැඩිහිටියන් එකසේ තම පුද්ගලික අරමුණු පසෙකලා මෙම කටයුතු වල නියැලීම සිහිගැන්වූයේ යම් ආකාරයකට පැරණි ගමක ස්වභාවයයි. මේ අතරට එක්වී සිටි එක් පුද්ගලයකු ගැන යමක් කිවයුතුය. IMG-20200129-WA0054

 

ඔහු තම ව්‍යාපාරය සහ අනෙකුත් දෑ පසෙකලා මෙම සාමුහික කටයුත්ත සඳහා මැදිහත් වෙයි. ඔහු සමඟ සිටින පිරිස ඉතා උනන්දුවකින් මේ සඳහා මැදිහත් වන ආකාරය වැදගත්ය.
මේ සටහන ක්‍රීඩා උත්සවයක් පිළිබඳව කරන විස්තරයකට වඩා ගමක සාමුහිකත්වය සහ ගමේ ක්‍රියාත්මක වන සැබෑ නායකත්වයක් පිළිබඳව දැනෙන හැඟීමක සටහනකි.