

පසුගියදා කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා රැගත් රථය අද (20) උදෑසන හලාවත-මීගමුව මාර්ගයේ සේරුකැළේ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ.
අමාත්‍යවරයා රැගත් රිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
කෙසේවුවද, අමාත්‍යවරයා අතට තුවාල සිදුව ඇති අතර රථයේ රියැදුරු ඇතුලු තිදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
